අදාළ වැරදි ආරංචිය පතුරවා
අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ මැතිඇමතිවරුන්ට වීඅයිපී යාමට මුදල් ගෙවිය යුතු බවට වන කිසිදු චක්‍රලේකයක් ද මෙතෙක් නිකුත් වී නොමැති බවයි.
කෙසේ වෙතත් දේශීය මගියෙකු ප්‍රභූ පර්යන්තය භාවිතා කරන්නේනම් ඊට ඩොලර් 1,000ක මුදලක් ගෙවිය යුතු බව සාමාන්‍ය නීතියයි මන්ත්‍රී ඩිලාන් පෙරේරා ඒ බව දන්වා සිටීම වැරදි ලෙස වාර්තා කර තිබීම නිසා මෙම ආරංචිය වැරදි ලෙස සංසරණය විය.
සාමාන්‍ය පර්යන්තයේදී ගුවන් මඟියෙකු සිදු කර ගතයුතු නිෂ්කාශන සහ පරීක්ෂා කිරීමේ කටයුතු ප්‍රභූ පරියන්තයේදී අදාළ රාජකාරීවලට අයත් නිලධාරීන් විසින් ප්‍රභූ වරප්‍රසාද හිමි පුද්ගලයා අසලට පැමිණ සිදු කරන අතර ඉක්මණින් ආරක්ෂා සහිතව සමාන්‍ය මගීන්ට නොපෙනී පිටව යාමට අවස්ථාව ලැබේ.
ඇමතිවරයා පවසන ආකාරයට නව රජය යටතේ මැතිඇමතිවරුන්ට එම පහසුකම තවම ඇත.