වෙනුවෙන් පෙළගැසුණු පෙරමුණ ලැබූ ප්‍රතිඵලය අනුව මඟ මැතිවරණයේදී මන්ත්‍රී ධුර 105ක් හෝ 106ක් ලබාගැනීමේ හැකියාව තිබෙන බචද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී ධුර ප්‍රමාණයක් දිනාගැනීම සඳහා විවෘත්තීය සමිති, සිවිල් සංවිධාන, තරුණ කොටස්, මධ්‍යම පත්තිය මහා සංඝරත්නය එක්සත් ජාතික පක්‍ෂය වටා ඒකරාශී කරගත යුතු බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
පක්ෂයේ සංවිධාන කටයුතු බිම් මට්ටමින් සිදුකර ගෙන යන බවත්, පාර්ලිමේන්තුවේ කටයුතු සොයාබැලීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහතාට භාරදී තිබෙන බවත් හෙතෙම පැවසීය.
එක්සත් ජාතික පක්‍ෂය කිසිදු අවස්ථාවක පසුබසින පක්ෂයක් නොවන බව පැවසූ හිටපු අග්‍රාමාත්‍යවරයා, පක්‍ෂයේ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා නව මුහුණු කිහිපයක් හඳුන්වාදෙන බවද පවසා සිටියේය. පිටකෝටිටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පකෂ මුලස්ථානයේදී ජාතික යොවුන් පෙරමුණේ නියෝජිතයන් පිරිසක් හමු වූ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා."අපි ජනාධිපතිවරනයේ” පසුබෑමකට ගියා කියලා අඩපණ වෙන්න උවමනා නැහැ. ඊළග පාර්ලිමේත්තුවේදී අප පෙරමුණත්, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අනෙකුත් පක්ෂ සියල්ල එක් අඩු වශයෙන් මන්ත්‍රීවරු 113ක් ඉලක්ක කරගෙන වැඩ කළ යුතුයි. ඊට අඩුවෙන් නෙමෙයි. දැන් තියෙන ඡන්ද ප්‍රතිඵල අනුව අපි සියලු දෙනාටම මන්ත්‍රීවරු 105ක් හෝ 106ක් ලබාගන්න පුළුවන්. අපේ ව්‍යාපාරය නියම ලෙස
ගෙනියනවා නම් මන්ත්‍රී ධුර 113කට හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගන්න පුළුවන්.
ඒක සිදුවුණාම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම්, 19 වැනි සංශෝධනය ආරක්ෂා වනවා පමණක් නොමෙයි කිසිම බයක් නැතිව ආපහු නීතිය ක්‍රියාත්මක කරන හැම කෙනාවම ශක්තියක් එනවා. ඒ කරුණ ගැන අපි විශේෂයෙන් අවධානයට
යොමුකළ යුතුයි. ඒ සඳහා එක්සත් ජාතික පක්‍ෂය විතරක් නෙමෙයි වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සියල්ලම එකතු කරගත යුතුයි. පාර්ලිමේන්තුවට ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න වෙනම කටයුතු කළ හැකියි. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමි ආරක්‍ෂිත කරන්න දවස් 52 දී අපට අවස්ථාවක් ලැබුණා.
එය තමයි එක්සත් ජාතික පක්‍ෂයේ වැඩසටහන ලෙස මම සලකන්නේ. ඒ සඳහා අපි ජනාධිපතිවරණයේදී ප්‍රතිඵලය විග්‍රහ කළ යුතුයි. සමීක්‍ෂණ කිහිපයකින් පෙන්නුවේ අපි පසුපසින් සිටි බවයි. ඒ සමීක්‍ෂණ තවත් විග්‍රහ කළාම බෞද්ධයන්, මධ්‍යම පන්තිය, තරුණ කොටස්වල අපට නොලබුණු ඡන්ද තියෙන බව ජේනවා. පසංඝරත්නය සමග සාකච්ඡා කරලා තමයි අපේ වැඩසටහන් සකස් කරන්න තියන්නේ, ජාතික යොවුන් පෙරමුණේ වගකීම තමයි යොවුන් තරුණ ජන්ද ලබාගැනීමට කටයුතු කිරීම්හු. තරුණයන් නිදහසට කැමතියි. තරුණියගේ ජීවිතය බලාපොරොත්තු ගණනාවක් තිබෙනවා.
ඒ තරුණයන් දිනාගැනීමේ වැඩසටහනක් ඉතා කෙටිකාලයකින් සාකච්ජා කරලා අපි ලබාදෙනවා.
පක්ෂයේ සංවිධාන කටයුතු, බිම් මට්ටමේ කටයුතු ආරම්භ කිරීමට උවමනායි.පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අපේ ජනාධිපති අපේක්ශක සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාට මම භාරදීලා තියෙනවා. පාර්ලිමේන්තුව 03 වැනිදා රැසවුනාට පස්සේ ඒ වැඩකටයුතු සිදුකරන ආකාරය ගැන අපි සාකච්ඡා කරන්න ඕන. පක්‍ෂයේ තරුණ සංවිධාන, වෘත්තීය සමිති හා අනෙකුත් සංවිධාන යෝජනා ඉදිරිපත් කරනවා, අපි කට්ටුවක් පත් කළා. මම බලය දීලා තිබනවා පක්ෂයේ අනාගත ගමන ගැන, අනාගත මුහුණුවර ගැන තීරණයක් ගන්න. දැන් අපේ පක්‍ෂයේ තරුණ දෙවැනි පෙළක් ඉන්නවා.
අපි ඒක මතක තියාගන්න ඕන. දැන් තියන්නේ එවැනි පරාජයක් නෙමෙයි. ඒ නිසා අපි කරුණු දැනගෙන, අඩුපාඩු දැනගෙන යන්න ඕන. අපි දැන් එකිනෙකා එක්ක වාද කරලා වැඩක් නැහැ. දැන් අපට තියන්නේ නිදහස ආරක්‍ෂා කරන ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්කරලා පාර්ලිමේන්තුව තුළින් වැඩ කරගෙන යන්න යොවුන් පෙරමුණ කොහොමද අලුත් ඡන්ද ලබාදෙන්නේ, තරුණයන්ට පණිවිඩය ලබාදෙද්දි මොකද තිබුණු අපේ අඩුපාඩුව කියලා සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් සකස් කරලා අලුත් අවුරුද්දේ යළිත් බිමට බහිමු කියලා මම යෝජනා කරනවා" යනුවෙන් පවසා සිටියේය. මෙම අවස්ථාවට එ.ජා.ප. මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික යොවුන්
පෙරමුණේ ලේකම් තාරක නායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. අනතුරුව යොවුන් පෙරමුණේ සාමාජිකයන් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකචිඡාවක් පැවැති අතර, යොවුන් පෙරමුණේ යෝජනා එහිදී පිළිගන්විණි.
අමිත් මධුරංග
ජායාරූප - චතුර එස්. කොඩිකාර