යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේ 2015 වසරේ දි ශිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය පැහැරගෙන ගොස් දුෂණය කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණිය දණ්ඩනය ලබා සිටින විත්තිකරුවන් හත් දෙනකු එම
දඩුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන අභියාචනා පෙත්සම් සලකා බැලීම ලබන මැයි මස 19 වැනිදා තෙක් කල් තැබිමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්ද (06) තීන්දු කළේය.

එම අභියාචනා පෙත්සම් සලකා බලන පංච පුද්ගල විනිසුරු මඩුල්ල සම්පුර්ණ නොවීම හේතුවෙන් නඩුව මෙදිනට කල් තැබිණි.

මෙම අභියාචන පෙත්සම් විභාගය ප්‍රසන්න ජයවර්ධන, ප්‍රිති පද්මන් සුරසේන සහ එස්. තුරෙයිරාජා මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියම කර ඇත්තේ අභියාචනා සලකා බැලීම සඳහා මැයි මස 19 වැනිදා කැඳවන ලෙසයි.

2015 වසරේ පුංකුඩුතිව් ප්‍රදේශයේ දි සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවියක් පැහැර ගෙනගෝස් දූෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරු කරුණු මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට යාපනයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් 2017 වසරේ සැප්තැම්බර් මස 27 වන දා මරණ දඬුවම නියම කරන ලදී.

තමන්ට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණිය දණ්ඩනය පනවා තිබෙන ආකාරය නීති විරෝධි බවත් එබැවින් එය අහෝසිකොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරිමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනා පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

-නිමන්ති රණසිංහ-