නව විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ෂිහාන්
ෆොන්සේකා සිසුවාය.
'මගේ තාත්තා වාහනවල ටින්කරින් වැඩ කරලා මට ඉගැන්නුවා අපිට ආර්ථික අමාරුකම් තිබුණු කාලයක් තිබ්බා. ඒත් තාත්තා නොකා නොබී මට ඉගැන්නුවා.
මගේ පදිංචිය මොරටුව, කොරළවැල්ල. මට අක්කයි නංගියි ඉන්නේ. අක්කා යාපනය විශ්වවිද්‍යාලයේ
ඉන්ජිනේරු තාක්ෂණ පීඨයේ ශිෂ්‍යාවක්. නංගි තාම නවය වසරේ.
මම මුලින්ම ගියේ මොරටුව මහ විද්‍යාලයට. ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 175ක් ලබාගෙන තමයි මම
කොළඹ ආනන්ද විද්‍යාලයට ආවේ.
තාත්තා ටින්කරින් බාස් කෙනෙක්. කාලයක් ඩුබායි රටෙත් වැඩ කළා. මොන ආර්ථික අමාරුකම් තිබුණත් මගේ පන්තිවලට සල්ලි ටික තාත්තා හොයලා දුන්නා. තාත්තා අපි කනකම් කන්නේ නෑ කවදාවත්. ඒ එයාගේ හැටි. ඒත් අපේ තාත්තට ස්ථීර ආදායම් නොතිබූ නිසා අපිටත් ආර්ථික අමාරුකම් ඇතිවූ අවස්ථා තිබුණා. මම ගණිත අංශය තෝරාගත්තේ මොරටුව ඉන්ජිනේරු පීඨයට යන්න තිබූ ආසාවටයි. ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනේරු විද්‍යාව හදාරලා රටට වැඩක් කරන්නයි මගේ අරමුණ.
මම ආනන්දෙදී විෂය බාහිර කටයුතුවල නිරත වුණා. බාහිර තාරකා විද්‍යා සංගමයේ ප්‍රධානත්වය
දැරුවා. දැනුම මිනුම තරගවලට සහභාගි වුණා. සාමාන්‍ය පෙළ විභාගයේදී මට ඒ සාමාර්ථ 9ක්
ලැබුණා. මම උසස් පෙළ ගණිත අංශයට අදාළව උපකාරක පන්තිවලට ගියා. ප්‍රශ්න පත්‍ර පන්තිවලට
ගියා. මුලදී මට මොරටුව කැම්පස් එකට යන්නයි අවශ්‍ය වුණේ. නමුත් විභාගය ළංවන විට පාසලේ ගුරුවරු
මාව දිරිමත් කළා. ඒ අනුව තමයි මට ගණිත අංශයෙන් පළමු තැන ලැබුණේ. මගේ අම්මාට පියාට මම පින් දෙනවා.”
---------------
ගණිත අංශයේ පැරණි විෂය නිර්දේශයෙන් පින්නවල ජාතික පාසලේ දර්ශන ඉසුරුසිරි සිසුවා ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත.
පළමු පන්තියේ සිට පහේ පන්තිය දක්වා රඹුක්කන සුජාතා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ දර්ශන ඉසුරුසිරි සිසුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 162ක් ලබාගෙන පින්නවල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව තිබිණි. 2015 වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේදී විෂයයන් 8ට ඒ සාමාර්ථ අටක්ද සෙසු විෂයට ‘බී’ සමාර්ථයක් ලබාගෙන උසස් පෙළ විභාගයට ගණිත අංශය තෝරාගෙන අධ්‍යාපනය ලැබූ බව ශිෂ්‍යයා පැවැසීය.
“මම මුල ඉඳලා ඉලක්කයට අධ්‍යාපන කටයුතු සිදු කළා. අඩුම ගානේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමුවැනියා වෙන්න ඕනෑ කියලා හිතාගෙන වැඩ කළා. මමයි තව යහළුවන් දෙන්නෙක් සමඟ තමයි වැඩ කළේ. සෑම දවසකම පාන්දර එක දෙක වෙනකම් පාඩම් කළා. ප්‍රතිඵල ආවාට පස්සේ හිතට ගොඩක් සතුටුයි. මොකද කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමුවැනියා වෙන බලාපොරොත්තුවෙන් කටයුතු කළ නිසා මම ඉන්ජිනේරුවරයෙක් වෙලා මගේ රටට සේවය කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම පස්සේ මගේම කියලා ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉදිරියෙදී පැවැත්වෙන විභාගයට පෙනීසිටින නංගිලාට මල්ලිලාට කියන්න තියෙන්නේ ඉලක්කයක් තියාගෙන අධ්‍යාපන කටයුතු කරන්න කියලා.
--------------
ජීව විද්‍යා අංශයේ නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ සචිනි විජේවර්ධන ශිෂ්‍යාවට හිමිවී ඇත.
සචිනි ශිෂ්‍යාවට ප්‍රබලම ශක්තියක් වූයේ පියා වෛද්‍ය මංජුල විජේවර්ධන, මව වෛද්‍ය මාලි කරුණාරත්න බව ඇය කියා තිබේ
“මගේ අම්මයි, තාත්තයි දෙන්නම මට ගොඩක් උදවු කළා. මගේ හෙවණැල්ල වගේ මගේ පස්සෙන් ඉඳලා
මේ ඉලක්කයට යන්න මට උදවු කළා. මම දිනපතාම මොන දේ තිබුණත් ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙදි අපි යාළුවො එකට හමුවෙලා විවේකී සෑම වෙලාවකම අපිට මඟහැරුණු, අපිට අමාරු විෂය කරුණු ගැන සාකච්ඡා කළා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මතක් කරන එක පුරුද්දක් විදිහට කළා. ඒකත් එක්ක නිතරම විෂය කරුණු යළි යළිත් මතක් කරගන්න පුළුවන් වුණා.
ගොඩාක් දේවල් පාඩම් කරනවාට වැඩිය මේ විදිහට සාකච්ඡා කරන එක විෂය කරුණු මතකයේ තියාගන්න හොඳම විදිහක්. මගේ පන්තියේ යාළුවෝ ගොඩක් සුහදශීලීව එකිනෙකාගේ අඩුපාඩු නිවැරදි කරගෙන ඉගෙනීම් කටයුතු කළා. මම වගේම මගේ යාළුවොත් හොඳ ප්‍රතිඵල අරගෙන තියෙනවා. කාලය කළමනාකරණය කරගන්න එක තමයි උසස් පෙළ විභාගය සමත්වෙන්න අත්‍යවශ්‍යම. මම ගෙදර ඉන්නවාට වැඩිය ඉස්කෝලෙට ගියාම වැඩ කළා. තනියම ගෙදරට වෙලා පාඩම් කරන්න නම් කැමැති නෑ. විශාඛා විද්‍යාලයේ ගුරු මණ්ඩලය ඇත්තටම දරුවන් වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරන ගුරු මණ්ඩලයක්.එවන් ගුරුවරුන් ලබන්න පින් කරන්න ඕන“
-----------------
වාණිජ විෂය ධාරාවෙන් නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කොළඹ බිශොප් විද්‍යාලයේ ටෙෂානි නිම්හාරා ශිෂ්‍යාව සමත් වූවාය.
ටෙෂානි උසස් පෙළින් දිවයිනෙන්ම පළමුවැනියා වේවි යැයි පෙරමං ලකුණු පෙන්නුවේ අපොස සාමාන්‍ය
පෙළ විශිෂ්ට ලෙස සමත් වෙමිනි. ඇය පාසලේ අධ්‍යාපන කටයුතුවලට අමතරව දක්ෂ ක්‍රීඩා කෞෂල්‍යයක්
ඇති ශිෂ්‍යාවක් බව ඇගේ මව රසිකා හෙට්ටිගේ පැවැසුවාය.
“මගේ දුව ඉගෙනීමේ කටයුතුවලට විතරක් නෙවේ පිහිනුම්, මලල ක්‍රීඩා ඇතුළු විෂය බාහිර
ක්‍රියාකාරකම්වලටත් නිරන්තරයෙන් සහභාගි වුණා. ටෙෂානි පිහිනුම් ක්‍රීඩාවෙන් බස්නාහිර පළාත් වර්ණ
සහ පාසල් වර්ණත් දිනාගෙන තියෙනවා.”
ටෙෂානිගේ පියා දර්ශ හෙට්ටිගේ තම දියණිය ගැන පවසන්නේ ඇයට අධ්‍යාපන කටයුතුවලට කිසිදු බාධාවක් වීමට ඉඩනොදී නිදහසේ කටයුතු කිරීමට ඉඩදුන් බවයි.
“මම දුවට හැමවෙලේම කිව්වා ඔයාට පුළුවන් දේ කරන්න කියලා. මහන්සි වෙන එකට මම ඕන උදව්වක්
කරන්නම් කීවා. බාහිර දේවල් කිසිවක් හිතන්න එපා කියලා අපි කිව්වා. එයාට නිදහසේ අධ්‍යාපනය
කරන්න පුළුවන් පරිසරය අපි හදලා දුන්නා.”
ටෙෂානි නිම්සරා සිසුවිය මෙසේ කීවාය.
“මම විභාගය කියලා ලොකු පීඩනයක් අරගෙන වැඩ කළේ නෑ. නිදහසේ සැහැල්ලුවෙන් ඉස්කෝලේ ගියා.
උපකාරක පන්තිවලට ගියා. පාස්වෙයි කියලා මම හිතුවා. ඒත් ලංකාවේ පළමුවැනියා වෙයි කියලා හිතුවේ
නෑ. මේ ජයග්‍රහණය වෙනුවෙන් මට සහාය දුන්න සහ නිරන්තරයෙන් උනන්දු කළ මම පාඩම් කරද්දී
මාරුවෙන් මාරුවට නිදි මරාගෙන මාත් එක්ක හිටිය තාත්තා සහ අම්මාට මම ස්තුති කරනවා. ඒ වගේම
බිෂොප් විද්‍යාලයේ ගුරුවරුන් දැක්වූ සහයෝගයට ස්තූති කරනවා. මොන වැඩ
තිබුණත් මම එදිනෙදා අධ්‍යාපන වැඩකටයුතු හරියට කළා. මහන්සි වෙලා ආවත් නිදානොගෙන පාඩම්
කළා. මගේ අනාගත බලාපොරොත්තුව තමයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයෙන් ඉදිරියට ගිහින් රටට වැදගත් සේවයක් කිරීම.”
-----------------
වාණිජ විෂය ධාරාවෙන් පැරණි විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ නිරෝෂන් සඳරුවන් ජාසිංහ සිසුවාය.
බද්දේගම නගරයේ සිට කිලෝමීටර් 4ක පමණ දුරින් වූ මලිත්තගොඩ, අක්කර 5 ප්‍රදේශයේ පදිංචි එම
සිසුවා මෙසේ කීය.
මම ප්‍රාථමික අධ්‍යාපන ලැබුවේ කොටගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ. හෘදයාබාධයක් නිසා 2007 අවුරුද්දේ පියා අපට අහිමි වුණා. දයානන්ද ජාසිංහ මගේ තාත්තා කළේ බේකරි රස්සාව. 6 ශේර්ණියේ සිට බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයට ඇතුළත් වුණා. වාර විභාගවලදී පන්තියේ පළමු, දෙවැනි ස්ථානවල මට රැඳෙන්න පුළුවන් වුණා. මටත්, අක්කටත්, තාත්තා නැති අඩුව පිරිමහන්න මගේ අම්මා රැයක් දවාලක් නැතිව මහන්සි වුණා.
මගේ අක්කා නිරෝෂි රුහුණ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය උපාධිය 2017දී ලබා ගත්තා. ඇයට හැකි හැම වෙලාවෙම විෂය කරුණුවලට මට උදවු කළා.
2015 අවුරුද්දේ ‘ඒ’ සාමාර්ථ 03ක්, ‘බී’ සාමාර්ථ 03ක්, ‘සී’ සාමාර්ථ 3ක් සහ ‘එස්’ සාමාර්ථයක් ලබාගෙන සාමාන්‍ය පෙළ සමත් වුණා. උසස් පෙළට වාණිජ විෂය ධාරාව තෝරගත්තා.
පෞද්ගලික පන්තිවලට යවන්න මගේ අම්මට සල්ලි තිබුණේ නැහැ. ගිණුම්කරණ උගන්වන දිනේෂ් හර්ෂණ සර්ගේ පන්තියට නොමිලේ සහභාගිවීමට අවස්ථාව දී තිබුණා. ඒ වගේම ව්‍යාපාර අධ්‍යයනය
සහ ආර්ථික විද්‍යාව විෂයයන් උගන්වන ගුරුතුමන්ලා දෙදෙනත් ඔවුන්ගේ පෞද්ගලික පන්තිවලට නොමිලේ සහභාගි වෙන්න අවස්ථාව දුන්නා. ඒ ගුරුතුමන්ලා දීපු අවස්ථාවට මම සාධාරණය ඉටු කළා. මගේ අම්මාට සැපවත් අනාගතයක් උදා කිරීම මගේ එකම අරමුණයි.
----------
තෙෂානි මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙනි. පසුව ශිෂ්‍යත්ව විභාගයෙන් 178 ක් ලබා දේවිබාලිකා විද්‍යාලයට ඇතුළත්ව ඇත. හොරණ සිට රාජගිරියේ කුලී නිවසකට ඇය මව හා පියා සමග පදිංචියට පැමිණ ඇත්තේ ඉන් පසුවය. පියා මෙ වනවිට මාලදිවයිනේ ජීව විද්‍යා ඉංඩිනේරුවෙකු ලෙස සේවය කරන අතර මව ගෘහණියකි. ඇය පවුලේ එකම දරුවාය. ඇය උසස් ඵෙල හදාරා ඇත්තේ ප්‍රංශ,ඉංග්‍රීසි හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයන්ය. සාපෙළ ඒ 9 ක් ලබාගත් ඇය මුලදී ජීව විද්‍යා විෂය ධාරාව තොරාගෙන පසුව වෙනස් කර කලා අංශයට මාරු කරගෙන ඇත. දේවි බාලිකා විද්‍යාලයේ 2017-18 ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසද ඇය කටයුතු කර ඇති අතර බාහිර වැඩ රැසක් සිදු කළ සිසුවියකි. ඉලක්කයට වෙඩි තැබීම ක්‍රීඩාවක් ලෙස සිදු කර ඇත. විභාගයට මාස 2 ක් තබා සියලු බාහිර වැඩ අත්හළ බවත් ඉලක්කයට අනුව පාඩම් කළ බවත් ඇය කියා සිටී. තමන් හැදෑරිය යුත්තේ තමන්ට කැමති හොදම විෂයන් බව ඇය කියයි. ඉදිරියේදී නීතිය හා ජාත්‍යන්තර සබදතා විෂය ධාරා වැඩිදුර හැදෑරීමට ඇය අදහස් කරයි.
------------
ස්ථානය හිමි කරගත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නිපුන විරාජ් හෙට්ටිආරච්චි ශිෂ්‍යයාය.
ඔහු මෙසේ කියා තිබේ.
“මා පළමු වසරේ සිට පහවසර දක්වා අධ්‍යාපනය ලැබුවේ උඩගහවල්පොල ප්‍රාථමික විද්‍යාලයෙනි. ශිෂ්‍යත්වය සමත්ව ගම්පහ බණ්ඩාරනායක විදුහලට පැමිණීමෙන් පසුවයි මේ උසස්පෙළ විභාග ජයග්‍රහණය ලැබුණේ.
මගේ පියා වෘත්තියෙන් ගුරුවරයෙක් . එතුමාගේ අවවාද, මගේ මෑණියන් මා උනන්දුකරවීම නිරන්තරයෙන් මගේ අධ්‍යාපන කටයුතු දියුණුවට ආශිර්වාදයක් වුණා. විශේෂයෙන් කිවයුත්තේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ’ සිසුන් වෙනුවෙන් කැපවීම විශිෂ්ට බවයි. එවැනි පාසලක ඉගෙනීමට ලැබීම අපේ වාසනාවක්.
මා කුඩා කල සිටම කලා අංශයට ඇල්මක් දැක්වූවා. පාසලේ කලා සංගම් නියෝජනය කළා. විද්‍යා අංශයෙන් ඉදිරියට යන්න කියා මාපියන් කීවත් මගේ ආශාව කලා අංශය නිසා මගේ කැමැත්තට ඉඩ ලැබුණා. මම පුරාවිද්‍යා අංශය කෙරෙහි බලවත් කැමැත්තක් තිබෙනවා. අනාගතයේදී පුරා විද්‍යාඥයෙකු වීම මගේ අරමුණයි. ලංකාවේ නිවැරිදි ඉතිහාසය ලොවට පෙන්වීම මගේ අරමුණයි. මගේ දයාබර සොයුරන්ට දෙන පණිවුඩය නම් ඔබ ඉලක්කයක් ඇතිව අධ්‍යාපනයේ නිරතවන්න. එය ඔබේ ජයග්‍රහණයයි”. විදුහල්පතිවරයා ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිනියද මෙම ජයග්‍රාහී දරුවන්ගේ ජයග්‍රහණය ගැන සුබපැතූහ. අපේ සුබ පැතුම්ද මෙවන් පුතුන් තවත් තවත් බිහිවී අපේ රට ලෝකයේම විශිෂ්ට රටක් වනු දැක්මයි.'
-------
ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විනුර ඔසඳ ගාල්ලගේ විසින් හිමිකර ඇත.
සිය ජයග්‍රහණය ගැන මාධ්‍යයට අදහස් දැක්වූ විනුර ඕෂධ ගාල්ලගේ ශිෂ්‍යයා පැවසුවේ “ඉහළ සාමාර්ථයක් බලාපොරොත්තු වූ බවය. එසේම තම ජයග්‍රහණයට පසුබිම මගේ දයාබර දෙමාපියන් සහ සොහොයුරාගේද ධෛර්යමත් කරවීමත් හේතුවුණා. විශේෂයෙන් මගේ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිතුමා ප්රමුඛ ගුරු මණ්ඩලටයේ විශිෂ්ට කැපවීම මගේ ජයට හේතු වුණු බැව් කෘතවේදීව සිහිපත් කරමි.
අප විදුහලේ ගුරු භවතුන් මෙම විභාගය වෙනුවෙන්, අප උනන්දුකරවීමට විශේෂයෙන් සවස් කාලයේ පවා පන්ති පවත්වමින් මනා කැපවීමක් කළා. අපේ ජයග්‍රහණයට එය හේතුවුණා. මගේ අනාගත අපේක්ෂාව ඉංජිනේරුවෙක් වී රටට සේවයක් කිරීමයි. අනෙකුත් සොයුරු සිසුන්ගෙන්ද ඉල්ලා සිටින්නේ අධ්‍යාපනය කෙරෙහි උනන්දුවෙන් කටයුතු කිරීමත්, ප්‍රශ්නයක් ගැටලුවක් පැමිණි විට බියේ පැන නොයන ලෙසත්, ගුරුවරු, වැඩිහිටියන්ට ගෞරවයෙන් කටයුතු කර දෙමාපිය හිත් දිනාගෙන තම අධ්‍යාපන කටයුතු කරගෙන යන ලෙසය.
------------
2019 අපොස උසස් පෙළ විභාගය ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය බිබිල අධ්‍යාපන කලාපයේ මැදගම ජාතික පාසලේදී ඩී.එම් නිසංසලා සංජීවනී ශිෂ්‍යාව හිමි කරගෙන තිබේ.
මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කර ප්‍රදේශයක්වූ කැන්දවින්න කොස්වත්ත නම් රමණීය ගම් පියසේ ඉපදී ඇති ඇය,කැන්දවින්න කනිෂ්ඨ විද්‍යාලයෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වී වැඩිදුර අධ්‍යාපනය සඳහා මැදගම ජාතික පාසලට ඇතුලත් විය.
අපොස (සා.පෙ) විභාගයෙන් A සාමාර්ථයන් හතක් සහිතව සමත්වූ ඇය උසස් පෙළ විභාගය සඳහා ජෛව පද්ධති තාක්ෂණය විෂය ධාරාවෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය,තාක්ෂණවේදය සඳහා විද්‍යාව,කෘෂිකර්ම විද්‍යාව යන විෂයන් හැදෑරීමට තෝරාගන්නා ලදි.
වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන නිසංසලා සංජීවනීගේ පියා ඩී.එම් උභයවර්ධන වෘත්තියෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීයෙකි. මෑණියන් වන ඩී.එම් පුංචි මැණිකා ගෘහණියකි. කුඩා කාලයේ සිටම අධ්‍යාපන කටයුතු වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ඇය පාසලේ බාහිර කටයුතු වලදී කැපී පෙනෙන ශිෂ්‍යාවක් වූවාය.
2019 වර්ෂයේ උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ තුනක් ලබාගෙන විශිෂ්ට ලෙස සමත්වූ ඇය කිසිදු උපකාරක පන්තියකට ගොස් නැත. පාසලේදී ඉගැන්වූ ගුරුභවතුන්ගේ අමතර පන්තිවලට පමණක් ඇය සහභාගීවී ඇත.
---
ජෛව පද්ධති තාක්ෂණ පැරණි නිර්දේශයෙන් මුල් තැන දිනා ඇත්තේ අනුරාධපුර රඹෑව මධ්‍ය මහ විද්‍යාලයේ ඉමේෂා කාවින්දි සිසුවියයි.
අනුරාධපුර නගරයේ සිට කිලෝමිටර් විසි පහක් පමණ ඈතින් පිහිටි දුෂ්කර ගම්මානයක් වන රඹෑව, මහවැවඅ පදිංචි ඉමේෂා කාවින්දි ගේ පියා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී බිම් බෝම්බයකට හසුවී පාදයක් අහිමිව ආබාධිත තත්ත්වයට පත්වූ අයෙකි. ඇයගේ මව ඇය වෙනුවෙන් කැපවීම් කර ඇත.
ඉමේෂා කාවින්දි දියණිය සිය ජයග්‍රහණය පිළිබඳව මෙසේ පැවැසුවාය.
මම පසුගිය වසරේ විභාගයට පෙනී ඉඳලා පොදු පරීක්ෂණයට ලකුණු දෙකක් මදි වුණු නිසා විශ්වවිද්‍යාල
වරම් අහිමි වුණා. මම අධ්‍යාපනය ලැබුවේ හුඟක් අපහසුතා මැද්දේ. ගෙදර ආර්ථික අපහසුතා හුඟක් තිබ්බා. ඒවා තදින්ම දැනුණා. නමුත් හැම දෙයකදීම මට හුඟක් අය උදවු උපකාර සිදුකළා. මම රඹෑව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. එහි මගේ තාක්ෂණ විෂයට අවශ්‍ය විද්‍යාගාරයක් තිබුණේ නෑ. මම
අනුරාධපුර නගරයේ පිහිටි විද්‍යාගාර පහසුකම් ඇති පාසල් කිහිපයකින්ම ඉල්ලීම් කළ මටත් තාක්ෂණ විෂයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවස්ථාවක් දෙන්න කියලා. නමුත් එම විදුහල්වලින් මගේ ඉල්ලීම් තරයේම ප්‍රතික්ෂේප කළා.
පස්සේ මම ටියුෂන් පන්තිවලින් තමයි ප්‍රායෝගික විෂය කටයුතු සම්පූර්ණ කර ගත්තේ. මේ විෂයෙන් පළාතේ 10-15ත් අතර පිරිසකට තමයි විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ. මම හිතුවේ නෑ මට දිස්ත්‍රික්කයේ හරිලංකාවේ පළමුවැනියා වෙන්න පුළුවන් වෙයි කියලා.
ඉදිරියෙදි විභාගවලට මුහුණ දෙන නංගිලා මල්ලිලාට උපදෙසක් දෙන්න කැමැතියි. මම පළමුවැනි වතාවේ
විභාගයට මුහුණ දෙනකොට මුහුණුපොතට (ෆේස්බුක්) ඇබ්බැහිවෙලා හිටියේ. ඒ නිසා මගේ පළමු අවස්ථාව ගිලිහුණා. දෙවැනි වතාවේ විභාගයට මුහුණ දෙනකොට මම ඒ සියල්ලම සම්පූර්ණයෙන්ම අතඇරලා දැම්මා. විභාගය සමත්වීම විතරයි මගේ එකම බලාපොරොත්තුව වුණේ.
ආර්ථික අපහසුතා මැද කොහොම හරි උසස් අධ්‍යාපනය හදාරා විදේශයක රැකියාවක් කරන්න
බලාපොරොත්තුවක් තියෙනවා.