2019 වර්ෂය අවසානය සමරමින් සුපිරි බොලිවුඩ් නිළි, ප්‍රියංකා චොප්රා සහ ඇගේ ගායක සැමියා නික්
ජොනාස් ඇමරිකාවේ කැලිෆෝනියාවේ හිමෙන් වැසී ඇති මැමොත් කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට ගොස් තිබේ. ඔවුන් දෙදෙනාම සමාන ඇඳුම් වලින් සැරසී පින්තූරයක් බෙදා ගනිමින් ප්‍රියංකා මෙසේ ලිවීය:
“ශීතල සුන්දරයි මේ ආශ්චර්යමත් දේශයක් .. 2020 දී හමුවෙමු
මීට පෙර මෙම යුවළ ප්‍රියංකාගේ මව ආචාර්ය මධු චොප්රා, සහෝදර සිද්ධාර්ත් සහ ඇගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පවුලේ අය සමඟ නත්තල් උත්සවය සැමරූහ.
ප්‍රියංකා සහ නික් විවාහ වූයේ 2018 දෙසැම්බර් මාසයේදීය. ඔවුන් ඉන්දියාවේ ජෝද්පූර් හි උත්සව දෙකක් පැවැත්වූහ - එකක් හින්දු සහ තවත් එකක්  කිතුනු සම්ප්‍රදායන්ට අනුකූලවය. කාර්යබහුල කාලසටහන් තිබියදීත් ඔවුන් තම විවාහය කරගෙන ගිය ආකාරය ගැන කතා කරමින් ප්‍රියංකා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ “අපට නීතියක් තිබේ. නික් සහ මම එකිනෙකා නොදැක සති දෙක තුනෙන් ඔබ්බට නොයන්නෙමු. අප ලෝකයේ කොතැනක සිටියත්, අපි සම්බන්ධතා පවත්වන්නෙමු, වීඩියෝ ඇමතුම් නිතරම කරනවා. ඔබේ ජීවිතයට අනෙක් පුද්ගලයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම වැදගත් ය. අපි ඒක කරනවා. ”