කෘෂිකර්ම අමාත්‍යාංශය නැවත ගොවිජන මන්දිරයට ගෙන යාමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පාර්ලිමේන්තු කාරක සභා ස්ථාපිත කිරීමේ අරමුණෙන් ගොවිජන මන්දිරය ගොඩනැගිල්ල පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ලබාදුන් අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය කුලී පදනම මත සිනමා නිළි සබීතාගේ සැමියාට අයත් බත්තරමුල්ලේ අතිසුඛෝපභෝගී ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරුණි.


මේ හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සදහා මසකට රුපියල් මිලියන 21ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවත්, එසේ වුවත් එම ගොඩනැගිල්ලේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බවත් කැබිනට් මණ්ඩලය සැලකිල්ලට ගැනීමෙන් පසුව මම තීරණය ගෙන ඇත.

මෙම ගොඩනැගිල්ල එලෙස ලබාදීම ගැන හිටපු ඇමති දුමින්ද දිසානායකට විවේචනද එල්ලවී තිබුණි.

නව කැබිනට් තීරණ අනුව කෘෂිකර්ම අමාත්‍යාශය සහ ඒ යටතේ පවතින අනෙකුත් ආයතන නැවත ගොවිජන මන්දිරයට ගෙනයාමට නියමිතය.