කෝටි 100 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී තිබේ. මෙම ඖෂධ වර්ග 24 ඉකුත් කාලයේ හිඟවී තිබු අතර ඒවා හදිසි මිලදි ගැනීම යටතේ වහාම ලබාගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමත්‍යාංශය කියයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් එම ඖෂධ මිලදී ගෙන
මිට අමතරව ඖෂධ ආනයනය කරන ආයතන මගින් අත්‍යවශ්‍ය ඖෂධ ආනයනට ණයවර ලිපි විවෘත කර තිබෙන අතර එම ඖෂධද මේ වන විට ලැබෙමින් තිබෙන බවද එම අමාත්‍යාංශය කියයි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය ලේකම් පි.එම්.එස්. චාල්ස් මහත්මිය මහභාණ්ඩාගාරයේ ලේකම්වරයා සමග කළ සාකච්ඡාවකින් පසුව අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ මිලදී ගැනීමට මෙසේ මුදල් ලබාදී ඇත.
-රංජන් කස්තුරි-