උපයනවිට ගෙවීමේ බද්ද (PAYE tax) ඉවත් කිරීමේ සහනය ජනවාරි 1 වනදා සිට බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය දන්වා ිතබේ.
ඒ අනුව මසකට රුපියල් 250,000 දක්වා  වේතන වශයෙන් හෝ වෙනත් ආකාරයට ඉපැයීම් බදු ගෙවීමෙන් නිදහස් වන අතර 250,000 ට වඩා ඉපයීම් සිදුවන අයට ආදායම් බදු ගෙවීමට බැඳී සිටියි.


නව නීති අනුව උපයන විට ගෙවීමේ බදු හෙවත් PAYE බදු රු.250,000කට අඩු වේතනයක් ලබන රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් මින් ඉදිරියට අයකිරීමක් සිදු නොවෙයි.
 උපයන විට ගෙවීමේ ආදායම් බදු අය කිරීමේ අවම සීමාව රු.250,000ක් දක්වා සංශෝධනය කරන අතරම එය ස්ථර 3ක් යටතේ 6%, 12% සහ 18% යනාදී වශයෙන් වෙන් කර ඇත.
පළමුව රු.250,000ක් ඉක්මවා යන ප්‍රමාණයයට 6%ක්, දෙවනුව රු. 250,000ක් ඉක්මවා යන ප්‍රමාණයට (ලක්ෂ 5දී) 12%ක් සහ තෙවනුව රු. 250,000ක් ඉක්මවා යන ප්‍රමාණයට(ලක්ෂ 7 1/2)  18%ක් වශයෙනි. තවද මීට පෙර අයකරන ලද උපරිම ආදායම් බදු ප්‍රතිශතය වූ 24%ක් වූ සීමාව මේ අනුව 18%ක් දක්වා අඩු කර ඇත.
මෙම නව බදු සංශෝධනවලට අනුව රු.250,000 ට වැඩි ආදායමක් ලබන සේවා නියුක්තිකයෙකු නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනුවක් විවෘත කර ස්වයං තක්සේරුව මගින් බදු ගෙවීම සිදුකළ යුතුය.

මේ අතර, මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ වැට් බදු සහ වක්‍ර බදු ඇතුළු බදු සහනය ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන බවයි.