නාරාහේන්පිට ලංකා හොස්පිටල් පුද්ගලික රෝහලේ සැත්කමකට සූදානමින් සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දෙසැම්බර් 30 වනදා
දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා
අද අධිකරණයේදී දැනුම් දුන්

අතර ඒම බන්ධනාගාර ගතවීම රෝහල් සයනය මත ගෙවී යන පරිදි සිදු කරගැනීමට හිටපු ඇමතිවරයා උපායශීලී වී තිබේ.

අද මේ සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේ රාජිත සේනාරත්න රෝහල්ගතව සිටින බවට අධිකරණයේ කළ හෙළිදරව්ව නිසා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල වෙත පැමිණි අතර ඉන් පසුව මෙම නියෝගය ලබාදෙන ලදි.

මහේස්ත්‍රාත්වරිය සැකකරු නිරික්ෂණය කිරිමෙන් පසුව මෙම නියෝගය නිකුත් කරනු ලැබු අතර සැකකරු බන්ධනාගාර බාරයේ රෝහලේ තබා ගැනීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.