ලොව ළාබාලතම අගමැතිවරිය ලෙස, ෆින්ලන්තයේ සානා මාරීන් තේරී පත්ව ඇතැයි වාර්තා වෙයි. ලබන සතියේදී ඇය සිය ධුරය වැඩ භාර ගැනීමට නියමිතව ඇත. මේ වනවිට 34 හැවිරිදි වියේ
පසුවන සානා එරට ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. එසේම ඇය දැනට ලොව සිටින ළාබාලතම රාජ්‍ය නායකයා බවට පත්ව තිබේ. දැනට එම වාර්තාවට හිමිකම් කියන යුරේනයේ අගමැති ඔලෙක්සි හොන්ඩරුන්ගේ වයස අවුරුදු 35 කි. මීට අමතරව වයස අවුරුදු 50ට අඩු රාජ්‍ය නායිකාවන්ගේ ගොන්නටද ඇය අයත් වෙයි. නවසීලන්තය අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් සහ ඩෙන්මාර්කයේ මෙට් ෆෙඩ්රික්සන් ඒ අතර වෙති.
ෆින්ලන්තයේ සෙන්ටර් පක්ෂය හා පැවැති සභාගය බිඳී යාමෙන්, අන්ටි රීනේ සිය ධුරවලින් සමුගැනීමට තීරණය කර තිබුණි. ජූනි මාසයේදී පැවැති මහ මැතිවරණයෙන් කිසිවෙකුටවත් බහුතරය දිනා ගැනීමට නොහැකි වීම නිසා එරට වත්මන් පාලනය පක්ෂ පහක සභාගයක් යටතේ ක්‍රියාත්මක විය. මෙම පක්ෂ 5ම නායකත්වය පවා කාන්තාවන් සතු වීමත් විශේෂත්වයකි.