පසුගිය ආණ්ඩු සමයේදී දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ වූ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයකුගේ ක්‍රියාකලාපය නිසා ලබන ජනවාරි මාසයේදී ස්ථානමාරු ලබාගැනීමට සිටි වෛද්‍යවරුන් 3900කට ස්ථාන මාරුවීමි අහිමි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
විශ්‍රාම වයස සම්පූර්ණ කර තිබෙන මෙම නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තවදුරටත් තනතුරේ රැඳී සිටිමින් සෞඛ්‍ය ලේකම්වරයා හා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ලබාදෙන නියෝග ප්‍රතික්ෂේප කරමින් කටයුතු කිරීම නිසා වෛද්‍ය ස්ථාන මා ලයිස්තුව ගැටලු සහගත තත්ත්වයට පත්කළ බවද එම
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පත්කළ මෙම නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍යවරුන්ට හා අනෙකුත් සෞඛ්‍යය වෘත්තිකයන්ට මේ මාසය තුළ ලබාදිය යුතු දීමනා කප්පාදු කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මෙම දෙදෙනා වර්තමාන ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම සඳහා කටයුතු කරමින් තිබෙන බවත්, මේ නිසා ඉදිරි සතිය තුළදී මෙම දෙදෙනාම තනතුරුවලින් ඉවත්කළ යුතු බවත් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
එසේ නොකළහොත් එයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මෙම දෙදෙනා වර්තමාන ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම සඳහා පසුගිය ආණ්ඩුවේ උවමනා එපාකම් ඉෂ්ට කරමින් තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ