කිසිදු පක්‍ෂ භේදයකින් තොරව රැකියා විරහිත උපාධිධාරීන් පනස්හතර දහසකට රැකියා ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව සියලු උපාධිධාරින්ට උපාධිය ලබාගත් අනුකූලව
ක්‍රමවත්ව බදවාගැනීමේ පටිපායක් යටතේ රැකියා ලබාදෙන බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

තවද සුදුසුකම් යටතේ ග්‍රාමීය මට්ටමින් දිළිඳුභාවය මුල්කරගෙන සුළු සේවකයන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් ලබන වසරේ
ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (17දා) උදැසන ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙනි.

ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා එහිදී සදහන් කර සිටියේය.

මාධ්‍යවේදීන්ගේ වාත්තීය නිපුණතාව ඉහළ නැංවීම උදෙසා ජාතික පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ඒ මහතා,මාධ්‍යවේදීන් වෙනුවෙන් නාරික නිවාස සංකීර්ණයක් සහ වාහන ණය යෝජනා ක්‍රමයක්ද ක්‍රියාත්මක කරන බවද පවසා සිටියේය.

එසේම පූර්ණකාලීනව මාධ්‍ය ක්‍ෂේත්‍රෙය් නියැළෙන මාධ්‍යවේදීන්ට පළාත් මට්ටමින් මාධ්‍ය ස්ථාගාර (Press Club) පිහිටුවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවද ලක්ෂ්මන් යාපා අමර්ධන මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීම රජයේ යුතුකම බවත්, ඒ වෙනුවෙන් මැදිහත් වෙමින් මෙම සහන ක්‍රියාත්මක කරන බවත් පැවසූ අමාත්‍යවරයා, මාධ්‍යවේදින් ආරක්ෂා කිරීමට සෑම විටම ජය කටයුතු කරන්න බවද පැවසීය.