හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙයි.
2016 වසරේදි රාජගිරිය ප‍්‍රදේශයේදී සංදීප් සම්පත් නැමැති තරුණයා අනතුරට ලක්කිරීමේ සිද්ධියට අදාලව
ඔහු ඊයේ සවස අත්අඩංගුවට පත්විය.
කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්
කාංචනා නිරන්ජනා ද සිල්වා මහත්මිය අද (19) ලබාදුන් නියෝග මත. පාඨලී චම්පික රණවක මහතාගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ ඇප අයදුමද ප‍්‍රතික්ෂේප වී තිබෙයි. නීතිපතිවරයා කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් අනුව පාඨලී චම්පික රණවක මහතා ඊයේ (18) අත්අඩංගුවට ගත්තේ නොසැලකිළිමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා මතයි.