ද විශ්‍රාම වැටුප අහිමි වනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලැබීමට වසර පහක නිල කාලයක් සපුරා තිබිය යුතුය. 2015 අගෝස්තු මස 17 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඇතුළත් වන වත්මන් පාරිලිමේන්තු පස් අවුරුදු කාලය ලබන වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වීමට නියමිතව ඇතත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පැවැරී ඇති බලතල ප්‍රකාරව ලබන මාසික පළමුවැනිදා පාර්ලිමේන්න්තුව විසුරුවා හැරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් තීරණය කර ඇත.
දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ඇත්තේ පර්ලිමේන්තුවේ කාලය වසර හතර හමාරක් ගතවු පසුවය. ලබන මාර්තු මාසයේ දි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවොත් විශ්‍රාම වැටුප් අහිමිවන මන්ත්‍රීවරුන් මෙසේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය
වරුණ ලියනගේ, මනෝජ් සිරිසේන, ඩී.බී. හේරත්, අංගජන් රාමනාදන්, මලිත් ජයතිලක, අනුරාධ ජයරත්න, ඩී.වී. චානක, සාරති දුෂමන්ත, ඉන්දික අනුරුද්ධ, කදර් මස්තාන්, කංචන විජේසේකර, නිමල් ලංසා ,පියල් නිශාන්ත, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිරෝෂන් ප්‍රේමරත්න, සනත් නිශාන්ත, සිසිර ජයකොඩි, තාරක බාලසුරිය, උදය ගම්මන්පිල සහ විමලවීර දිසානායක.
එක්සත් ජාතික පක්ෂය
මොහොමඩ් ඉස්මයිල්, මොහොම්මදු නසීර්, මහාචාර්ය ආශු මාරසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න,
මුජුබර් රහුමන්, එම්. තිලකරාජා, නාලක කොලොන්නගේ, රෝහිණි කුමාරි විජේරත්න, එස්.එම්. මරික්කාර්, සන්දිත් සමරසිංහ, සිසිර කුමාර අබේසේකර, සුජිත් සංජය පෙරේරා, තුෂාර ඉදුනිල්, වෛද්‍ය තුසිතා විජේමාන්න, එස්. ටේලුකුමාරි සහ විජේපාල හෙට්ටිආරච්චි.
දෙමළ ජාතික සංධානය
ශාන්තිනී ස්කන්ධ රාජා, ඥානමුත්ත ශ්‍රීනේෂන්, චාල්ස් නර්මලනාදන්, කේ. කෝඩිෂ්වරන්, වෛද්‍ය එස්. සිවමොෂන් සහ එස්. වියලේන්ද්‍රන්.
ජනතා විමුක්ති පෙරමුණ
වෛද්‍ය නලින්ද ජයතිස්ස