කිමාලි ප්‍රනාන්දු මහත්මියත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස මහතාත් ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතාත් ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ සභාපතිනිය ලෙස සුජාතා කුරේ
මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබ සිටින සුජීව රාජපක්ෂ මහතා විගණන ක්ෂේත්රයේ වසර තිහක පමණ පළපුරුදුකම් ඇති නිලධාරියකු වන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ සංගමයේ ද හිටපු සාමාජිකයෙකි. සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත් කෙරුණු කිමාලි ප්‍රනාන්දු මහත්මිය බැංකු හා මුල්‍ය ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන අතර රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු වෛද්‍ය නිහාල් ජයතිලික මහතා සෞඛ්‍ය අමාත්‍යශයේ හිටපු ලේකම්වරයෙකි.
චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු ජයන්ත ධර්මදාස මහතා ප්‍රකට ව්‍යාපාරිකයකු වන අතර ඔහු එම සංස්ථාවේ සභාපතිවරයකු ලෙස මෙයට කලින් අවස්ථාවක ද කටයුතු කර තිබිණී. ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළේය. ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු සුසන්ත රත්නායක මහතා ජෝන් කීල්ස් හෝල්ඩ්ල්ස් සමාගමේ සභාපතිවරයායි.
බිස්නස් ටුඩේ ටොප් ටුවෙන්ටි ෆයිව් (Business Today Top Twenty Five) හිදී 2013 - 2014 මුල්‍ය වර්ෂය සඳහා හොඳම ව්‍යාපාරික කාර්ය සාධනයක් පෙන්නුම් කළ ව්‍යාපාරය වශයෙන් පළමු ස්ථානයට පත්වූයේ ද ජෝන් කීල්ස් සමාගමයි. ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ සභාපතිනිය ලෙස පත් කෙරුණු සුජතා කුරේ මහත්මිය හිටපු අමාත්‍යාංශ ලේකම්වරියකි. ඇය මහා භාණ්ඩාගාරයේද කලක් රාජකාරි කළාය.
(මුල් පුවතේ සදහන් වූ ආකාරයට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත හේරත් මහතා පත් කිරීම මෙතෙක් සිදුව නැති අතර ඔහු ඒ බව අප වෙත දන්වන ලදි)