සුනාමි රළ පහරින් අතුරුදන්වී පසුව හඳුනාගෙන රෝහලේදී මවුවරුන් 9 දෙනකු අයිතිවාසිකම් කී සුනාමි බේබි
81 නම්වූ කල්මුනේ පදිංචි ජෙයරාස් අබිලාස් තමන්ගේ කලුතාවලහි නිවෙසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට

තමන්ගේ
මවුපියන් සමඟ පහන් දල්වා පුෂ්පෝපහාරය දක්වන ලදී.

දින 67ක් වූ අබිලාස් සුනාමි රළ පහරින් ගසාගෙන ගොස් බේරාගෙන කල්මුනේ මූලික රෝහලේ හෙදියන්ගේ
භාරයේ සිටියදී අබිලාස්ට මවුවරුන් 9 දෙනකු අයිතිවාසිකම් කියූ අතර අධිකරණය මාර්ගයෙන් ඩී.එන්.ඒ.
පරීක්ෂණයෙන් පසු පියා වන ජෙයරාජ් වෙත භාර දෙන ලදී.

දැන් 10 වැනි වසර ඉගෙනුම ලබන අබිලාස් වෛද්‍යවරයකු වීමේ අපේක්ෂාවෙන් අධ්‍යාපනය ලබයි.