https://www.gossiplankanews.com/2019/12/Annular-Solar-Eclipse-2019.html
සර ගණනාවකට පසුව දිස්වූ දුර්ලබ ගණයේ වළයාකාර සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දැකබලා ගැනිමේ අවස්ථාව අද උදාවී තිබුණ අතර අද
පෙරවරු 08.10 සිට පෙරවරු 11 පමණ වනතුරු එහි අවස්ථා විදාරණය වනු ඇති බවට දන්වා තිබුණි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ උතුරු දිග ප්‍රදේශයට

මෙම සූර්යග්‍රහණය මුළුමනින්ම පාහේ නිරීක්ෂණය වූ අතර එක් අවස්ථාවක සම්පූර්ණයෙන්ම හිරු වැසී වටේ වළල්ලක ආකාරයේ හිරු රැස් කදම්භයක්ද දිස්විය.
මෙම නිරීක්ෂණය සිදු කරන ලද Astronomical Research Institute එම රූප රාමු දන්වා තිබූ ආකාරය මේ සමග පළවේ.
මෙම සූර්ය ග්‍රහණය දිස්වන්නේ ලෝකයේ රටවල් කිහිපයකට පමණක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට එය පැහැදිලිව දැකබලා ගැනිමේ අවස්ථාව තිබිම විශේෂත්වයක් විය.
අවසන් වරට මෙවැනි සූර්ය ග්‍රහණයක් 2010 වර්ෂයේදී දර්ශනය වී ඇති අතර නැවත වරක් මෙවැනි සූර්ය ග්‍රහණයක් දැකබලා ගැනිමට හැකියාව පවතින්නේ 2031 වර්ෂයේ දීය.