11.30am update
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තේෂානි වැලිගමගේ සිසුවිය නව විෂය නිර්දේශයෙන් මෙවර උසස් පෙළ
විභාගයේ කලා විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙනවා.
10.00am update
2019 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා විෂය ධාරාවෙන් (නව නිර්දේශ) දිවයිනේ ප්‍රථම ස්ථානය
කොළඹ විශාකා විද්‍යාලයේ සචිනි විජේවර්ධනටත් , උසස් පෙළ විභාගයේ වාණිජ අංශයේ (නව නිර්දේශ) ප්‍රථම ස්ථානය කොළඹ බිෂොප් විද්‍යාලයේ ටෙෂානි නිම්හාරාටත් හිමිව තිබේ.
8.30am update
රජයේ තීරණය අනුව මෙවර උසස් පෙළ විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථාන දිනූවන් ගැන වාර්තා මාධ්‍ය වෙත නිකුත් නොකිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. නමුත් පාසල් වලට යවන ලේඛනයේ දිවයිනේ හා දිස්ත්‍රික්කයේ කීවෙනියාද යන්න සටහන් කර ඇත්තේ ඔවුන්ට සරසවි පිවිසුම ගැන අදහසක් ඇති කරගැනීමටය. මෙම දත්ත පාසල් හරහා වාර්තාකරුවන්ට ලැබීම නිසා මේ වනවිට උසස් පෙළ
ඒ අනුව මෙවර උසස් පෙළ නව නිර්දේශ ගණිත අංශයේ ප්‍රථමයා කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ශිහාන් ෆොන්සේකා බව හෙළිව ඇත.
පැරණි විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය පින්නවල ජාතික පාසලේ
ඒ.දර්ශන ඉසුරුසිරි සම්පත් හිමිකරගෙන ඇත.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය උසස් පෙළ විභාගයේ දිවයිනෙන් ප්‍රථම ස්ථාන දෙකක් හිමිකරගෙන
ඇත. එම විද්‍යාලයේ විනුර ඔසද ගාල්ලගේ ශිෂ්‍යයා ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ නව නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගන්නා අතරම පැරණි නිර්දේශය යටතේ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය නිපුණ විරාජ් හෙට්ටිආරච්චි හිමි කරගෙන ඇත.
දැනට වාර්තාවන තොරතුරු අනුව පැරණි විෂය නිර්දේශය යටතේ වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය
හිමිකරගෙන ඇත්තේ බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ නිරෝෂන් සඳරුවන්ය.