අතුරුගිරිය වල්ගම පාර ප්‍රදේශයේ තාප්පයක චිත්‍ර අඳිමින් සිටි පිරිසකට ආහාර පාන ලබා දීමට ගිය බව කියන ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ මාදිවෙල නගර සභා මන්ත්‍රීවරයකුට ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකයෙකු
බව කියන 

පුද්ගලයකු විසින් පහර දෙනු ලැබ ඇතැයි පොලිසිය කියයි.  සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑමට ලක්වූ මන්ත්‍රීවරයා පොලිසියට පැමිණිලි කර ඇත.වල්ගම ප්‍රදේශයේ චිත්‍ර අදිමින් සිටි තරුණයන්ට  ආහාර පාන ලබාදීම සඳහා අදාළ මන්ත්‍රීවරයා පෙරමුණු පාක්ෂිකයා සමගින් බහින් බස් වීම සිදුව ඇති බවත්  ඉන් අනතුරුව පහර දුන් බවත් මන්ත්‍රීවරයා විසින් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඒ අනුව අතුරුගිරිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් පහරදීමට සම්බන්ධ සැකකාර පුද්ගලයා සොයා කිහිපවරක් ඔහුගේ නිවසට ගියද සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි. කෙසේ වෙතත් ඉතා ඉක්මනින් එම සැකකරු අත්අඩංගුවට ගෙන එම පැමිණිල්ල පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බවද පොලිසිය පවසයි. අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුනිලක රූපසිංහ මහතා ප්‍රමුඛ නිලධාරිහු පරික්‍ෂණ පවත්වති.


-බිමල් ශ්‍යාමන් ජයසිංහ-