නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු සාග් ක්‍රීඩා උළෙල ආරම්භයේ සිටම මෙරට ක්‍රීඩා අමාත්‍යංශ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ඇතැම් බලධාරීගෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට කුඩම්මාගේ සැලකිළි හිමි වූ බව නොරහසකි. ඊට සාකෂි නේපාලයේ ඕනෑ තරම්ය. ක්‍රීඩා අමාත්‍යාශයේ මෙන්ම ක්‍රීඩා සංවර්ධන
දෙපාර්තමේන්තුවේ බලධාරින්ද මෙවර ක්‍රීඩා උළෙල ආරම්භයට පෙර වරින් වර නේපාලයට ගියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පහසුකම් සොයා බැලීමට කියාය. වරක් ශ්‍රී ලංකාවේ පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවා නේපාලයේදී තම ක්‍රීඩකන්ට සැලකීමට බලාපොරොත්තු වන ආකාරය ගැන හරි උජාරුවෙන් කියා සිටියේය.කෙසේ නමුත් ක්‍රීඩා උළෙල ආරම්භයේදීම වැටහී ගියේ ඔහු පැවසු ඒ සියල්ල 'කයිවාරු" පමණක් බවයි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට නේපාලයට ගිය පසු නැවතී සිටීමට ස්ථිර හෝටලයක් හෝ වෙන්කර දීමට කටයුතු කර නොතිබුණි. මේ හේතුවෙන්
මලල ක්‍රීඩකයන්ට රස්තියාදු වීමට සිදුවූයේ නේපාලයේ වරදක් නිසා නම් එය සාධාරණීකරණය කළ යුතු ආකාරයක් තිබුණි. නමුත් මෙරට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, මලල ක්‍රීඩකයන්ට විඳීමට සිදු වූ එම අපහසුතා සාධාරණය කර සිටියේ, ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පවා පහළ දමමිනි. 'අපේ නම් වැරැද්දක් නැහැ” යනුවෙන් කීමට ක්‍රීඩා උළෙල ආරම්භක දිනයේම (දෙසැ. 01දා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ක්‍රීඩා අධ්‍යක්‍ෂකවරයා කියා සිටියේ, මේ වගේ ක්‍රීඩා උළෙලකදී හැමදාමත් කරදරකාරයෝ වෙන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම බවයි.
එම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් පහදා දුන් මෙම ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගිත්වය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය කළ කැපකිරීම් අප්‍රමාණ බවයි. එසේ තිබියදී "හෝටලයක් ළඟ පැයක් දෙකක් ඉන්න වුණා කියලා කෑගහන අය ඒවා දන්නේ නැහැ" අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිය වචනයෙන්ම එහිදී පැවසීය
"හෝටලයක් ළඟ පැයක් දෙකක් ඉන්න වෙන එක ඒතරම් දෙයක් නොවේ" යැයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හැගෙනවා නම්,
මේ සටහන ලියවෙන මොහොත වනවිටත් ඔවුන් නේපාලයේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. ශ්‍රී ලංකාව සාක් ක්‍රීඩා උළෙලක මීට පෙර මලල ක්‍රීඩා ඉසවීවන් හි පෙරමුණ හිමිකරගෙන තිබුණේ 1991 වසරේ මෙරටදී පැවති ක්‍රිඩා උළෙලේදීය. විසිඅට වසරක් අඛණ්ඩව මලල ක්‍රීඩෙපෙරමුණ හිමිකරගත් ඉන්දියාවට මෙවර දෙවැනි ස්ථානය දක්වා පහතට වැටීමට සිදුවිය.
සංජීව ධර්මසේන