රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා කඩිනමින් අලුත් ප‍්‍රධානීන් පත්කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින්  පැවසේ.  මේ අනුව ශ්‍රී ලංකා
රූපවාහිනී සංස්ථාවේ 
අභිනව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා පත් කිරීමට නියමිතය. මේ අතර ලේක්හවුස් ආයතනයේ සභාපති ධුරයට ආවාර්ය චරීත හේරත්ද, ස්වාධීන රූපවාහිනියේ සභාපති ධුරයට තීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා ද පත් කිරීමට නියමිතය.
චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස මෙතෙක් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධුරය දැරූ රොහාන් වැලිවිට මහතා පත්වී ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති පදවියට සම්මානීය මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා පත්කිරීමට නීයමිතය.
 රජයේ උසස් නිලතල සඳහා සුදුසු තැනැත්තන් ගැනීමේ කමිටුව මඟින් මෙම නම් මේ වන විටත් අනුමත කර තිබේ.