නත්තලත් අලුත් අවුරුදු උදාවත් රටට නැවුම් බලාපොරොත්තු ගෙනැවිත් ඇතැයි සිතෙනුයේ සෑම නගරයකම

රෙදිපිළි අලෙවිසල් පාරිභෝගිකයන්ගෙන් පිරී ඇති අයුරු දක්නට ලැබෙන නිසාය. තවත් දින කීපයකින් 2020
නව වසර පිළිගැනීමට ජනතාව මහත් උනන්දුවකින් පසුවන බවක් පෙනේ.

මේ දිනවල සාප්පු සවාරියේ යන පොලිසිය ඉල්ලා සිටින්නේ කැමා වර්ගයේ ඇඳුම් මිලට ගැනීමෙන් වළකින
ලෙසයි. මොකක්ද මේ කැමා ඇඳුම යන පැනයට පිළිතුර පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ නිලධාරිවරයකු
දණ්ඩ නීති සංග්‍රහයේ අඩංගු හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් සම්බන්ධව ඇති නීතිය පිළිබඳව පැහැදිලි
කරමින් මෙසේ පැවැසීය.

කැමා ඇඳුම් කියන්නේ ත්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය ග්‍රාමාරක්ෂක නිලධාරීන් වැනි
ආරක්ෂක හමුදා සේවයේ නිරත නිලධාරීන්ගේ නිල ඇඳුම්. සාමාන්‍ය පුරවැසියන්ට ඒවා ඇඳීම නීතියෙන් තහනම්.

කැලණිය - කුසුම් එස්. හැන්නදි