වසර දහයක සේවා කාලය සම්පූර්ණ කර උසස්වීම් සඳහා සුදුසුකම් ලබා ඇති පොලිස් නිලධාරීන් උසස් කිරීම සඳහා අනුමැතිය ඉල්ලා තමන් දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.




අම්බලන්ගොඩ ථෙරපුත්ත රාජමහා විහාරස්ථානයේ පැවති හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, සිය රාජකාරිය නිසි මනසකින් යුතුව ඉටු කිරීම සඳහා දිරිගැන්වීමක් ලෙස පොලිස් නිලධාරීන්ට නියමිත දිනට උසස්වීම් ලැබිය යුතු බවයි. ප්‍රතිවාදී දේශපාලනඥයන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පාලන තන්ත්‍රය විසින් පොලීසිය තුළ වෙනම ඒකකයක් පිහිටුවා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

“චෝදනා සැකසීමේ මනා දැනුමක් ඇති නිලධාරීන් එම ඒකකයට යොමුකරලා තියෙනවා. ප්‍රතිවාදී දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකකයට උපදෙස් දීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවා තිබුණා. අද පොලිසිය ඇඟිලි ගැසීම් වලින් තොරයි. හිටපු අමාත්‍ය චම්පික රණවක අත්අඩංගුවට ගැනීම දේශපාලන හිංසනයක් නොවේ. ඔහුට එරෙහිව නඩුවක් තිබේ, ”රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.