රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ වනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින බව
ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

 රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක නිලධාරියෙකුගේ විශේෂ ආරක්‍ෂාවද යටතේ හිටපු අමාත්‍යවරයා රඳවනු ලැබ සිටින බවත් මෙම සිරමැදිරියේ රඳවා සිටින්නේ ඔහු පමණක් බවත් වාර්තාවේ.

ඉකුත් ආණ්ඩුව සමයේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු මන්ත්‍රීවරු කීපදෙනෙකු රඳවනු ලැබ ඇත්තේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක දැන් රඳවා සිටින මෙම සිරමැදිරියේය.

අද (19) අධිකරණයට ඉදිරිපත් කරනතුරු චම්පික රණවක මහතාට මෙහි ගත කළයුතුවන්නේ පැය 12 කට අඩු කාලයකි.