කොළඹට ඇතුළු වන වාහනවලින් ගාස්තු අය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
මගී ප්‍රවාහන
කොළඹට ඇතුළුවන වාහන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් මාර්ග ආශ්‍රිතව ඇතිවන තදබදය පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් වර්ධනය වී ඇතැයි අමාත්‍යාංශය කියා සිටී.
ඉන් පරිසරයට සිදුවන හානිය ද වැඩිවෙමින් ඇති බවත් අමාත්‍යංශය කියයි.
එම කරුණු පිළිබඳ අවධානය යොමු කර කොළඹට ඇතුළු වන වාහන වර්ගීකරණයක් තුළින් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් වෙත අවධානය යොමුව ඇති බව පැවසේ.