ඒ අනුව සතියක කාලයකින් පසුව පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ සියලු කමිටු අවසන් වන අතර, නැවත පාර්ලිමේන්තුව ආරම්භයේදී ඒ
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ලැබී ඇති අතර, මේ සමේබන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් හෙට (03දා) පෙ.ව. 10.30ට කෝප් කමිටු සාමාජිකයන් කැඳවා ඇත.
එසේ වුවද පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කළහොත් සියල්ල අවසන් බවද සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ මහ බැංකුවේ වෝහාරික වාර්තාව කෝප් කමිටු සාමාජිකයන්ට ඉදිරිපත් කිරීමට හෙට උදේ 10.30ට කෝප් කමිටුව කැදවන්න බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළොත් කමිටුව විසිරනවා. කැදවන්න බැරි වෙනවා. කෝප් කට්ටුව සිදුකරගෙන ආපු පරීක්ෂණ සියල්ල අවසන් වනවා" යැයි පැවසිය.
අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසි වාරය මේ විනවිට ක්රියාත්මක වෙමින් පවතින අතර, යළි එය ආරම්භ වන්නේ සිවුවැනි සැසිවාරය ලෙසිනි.
චාමර සම්පත්