පොලිසිය පරිසර ඒකකය මඟින් ඊයේ (23) දින පෙරවරුවේ සොයා ගෙන තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පාකිස්ථානයෙන් සහ විදේශ රටවලින් ලොකු ලූනු සහ අර්තාපල් වෙළෙඳ බලපත්‍රයකින් තොරව අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳව සොයා බැලීම් සිදු කරමින් සිටියදී මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු පැළවී හමු වී ඇතැයි දඹුල්ල පොලිසියේ පරිසර ඒකකය කියයි.
මෙම ලුනු තොගය ඊජිත්තුවෙන් ගෙන්ගන ලද ඒවා බවද එහි ඒකකය පවසයි.දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සහ දඹුල්ල පොලිසියේ පරිසර අංශයේ නිලධාරීන් මෙම ලූනු පැළ කන්ටේනර් රථයේ දොර විවෘත කරනවාත් සමග එයින් දැඩි දුර්ගන්ධයක් පැතිරී ගිය අතර කන්ටේනරය තුළින් අපිරිසිදු ජලය පිට එනු දක්නට ලැබිණි. එමෙන්ම මෙම ලුනු තොග පරීක්ෂා කිරිමේදි විශාල වශයෙන් ලොකු ලුනු පැළවී තිබෙන අයුරුද දැක ගැනීමට හැකි විය.
දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා කියා සිටියේ මෙම ලුනු ආහාරයට ගැනීමට නුසුදුසු බවයි. බීජ තත්ත්වයට පැළවීමෙන් පසුව ඒවා ආහාරයට ගැනීමේ දී ලුනු ගෙඩිය තුළ විසක් වර්ධනය වන බවත් ඒවා මිනිස් සිරුරට අහිතකර බවත් ඔහු සඳහන් කළේය. මෙම ලොකු ලුනු තොගය ගෙන්වා ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බවත් අනාවරණය විය. දඹුල්ල ප්‍රදේශයේ කිසිදු වෙළඳ බලපත්‍රයක් හෝ වෙළඳසලක් නොමැති ව්‍යාපාරිකයන් විසින් මෙම ලොකු ලනු ගෙන්වා ආර්ථික මධ්‍යස්ථාන පිටුපස ප්‍රධාන මාර්ගයේ කටේනර් රථ නවකො අලෙපි කිරීම සිදුකරන බව මෙහිදී අනාවරණය විය.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් මත ඊයේ (23) ක්‍රියාත්මක කළ වැටලීමකදි මෙම ලුනු තොගය සොයාගැනිණි. පකිස්තාන ව්‍යාපාරිකයන් කිහිපදෙනක් දඹුල්ලට පැමිණ ඉතා රහසිගතව ආර්ථික මධ්‍යස්ථාන පිටුපස නගර සභාව සතු මාර්ග භාවිතා කරමින් මෙම ලොකු ලුනු සහ අර්තාපල් අලෙවිය සිදු කරන බව හෙළි වූ හෙයින් ඊයේ සිට මෙම නීති විරෝධි වෙළඳාමට වැට බැඳීමට මෙහෙයුම ආරම්භ කළ බව නගරාධිපතිවරයා මෙහිදී පැවසීය.
ඊජිප්තුවේ සිට ගෙන එන මෙම ලොකු ලූනු වරායෙන් පිට කරද්දී කිසිදු සොයා බැලීමකින් තොරව පිට කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂාකරු සඳහන් කරයි. කාන්තාවන් යොදවා පැළවුණු ලූනු ගොබ කඩා දමා හොඳ ලුනු බවට පත්කර උත්සව සමයේ ජනතාවට අලෙවි කිරීම සිදු කරන බවද පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම ලොකු ලුනු තොගය වහාම ඉවත් කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා එම ව්‍යාපාරිකයාට අවවාද කළ අතර එසේ නොකරන්නේ නම් සම්පූර්ණයෙන්ම ලොකු ලුනු කන්ටෙනර් රථයම විනාශ කිරීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේ.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ කිසිදු ආකාරයකින් දඹුල්ල නගරයේ හොර රහසේ ගනුදෙනු කිරීමට ඉඩ මින් ඉදිරියට ලබා නොදෙන බවය. ව්‍යාපාරිකයාට විරුද්ධව නීතිමය කටයුතු කරන ලෙස තමන් දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අවශයට උපදෙස් ලබාදුන් බව ද හෙතෙම සඳහන් කළේය.
-කාංචන කුමාර ආරියදාස-