සුගියදා රටම කම්පා කරමින් මියගිය කලවානේ සිතුවම් හැඳි තරුණයා දාහත් හැවිරිදි ධනුෂ ලක්ෂාන් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් ධනුෂව යට කරගෙන කැබ්රථය පැදවූ  ඌරුමීවල කුසලඥාන හිමිනම රත්නපුර මහ රෝහලේදී හදිසි මරණ පරික්ෂණයේදී මෙසේ සාක්ෂි ලබාදී තිබේ.
"කලවාන නගරයේ සිට දෑල මම උගන්වමින් සිටින පිරිවෙනට කැබ් රථය පදවාගෙන එමින් සිටියා. ජයන්තිපුර මංසන්ධිය අසලදි
කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව පාර අයිනේ සිටි තරුණයින් දෙදෙනකු යටකර ගෙන කැබ් රථය කොස් ගසක වැදී නතර වුණා.
අනතුර සිදුව කැබ් රථය පැදවුයේ මමයි.

එම වාහනයේ ලියාපදිංචි අයිතිකරු වන්නේද මමයි. භික්ෂුන්වහසේ නමක් ලෙස මා හට වාහන පැදවීමට නීත්‍යනුකූල බලපත්‍රයක් නැහැ.
මට මෙදින දහවල් 12.45ට පමණ මම කැබ්රථය පදවාගෙන කල‍වාන නගරයේ සිට දෑල උගත්වන පිරිවන දක්වා පැමිණෙමින් සිටියා. තරුණයින් දෙදෙනා යටකර ගෙන පාර අයිනේ තිබු කොස් ගහක හැපී කැබ් රථය නතර වුණා. මම රියදුරු අසුනෙන් බැස බලද්දී තරුණයින් දෙදෙනා තුවාල වී බිම වැටි සිටියා. පසුව අවට අයගේ සහයෝහයෙන් තුවාලකරුවන් දෙද‍ෙනා නිවිතිගල රෝහලට රැගෙන සියා.
 1990 ගිලන්  රථයට ඇමතුම් ලබාදී ඔවුන් රැගෙන ගියා. මම අනතුර ගැන නිවිතිගල පොලිසියට දුරකතනයෙන් දැනුම් දුන්නා.
නිවිතිගල පොලිසියේ නිලධාරින් පැමිණ මාව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන සියා. අනතුරට පත් වූ තරුණයෙක් රත්නපුර මහ රෝහලේදි මියගිය බව මට දැනගැනීමට ලැබුණා. තරුණයා මියගියේ මම පැද වූ කැබ් රථයේ ගැටීමේන් බව මම පිළිගන්නවා".
රත්නපුර නාගරික හදිසි මරණ පරික්ෂක ලක්මිණ තෙන්නකෝන් මහතා මෙසේ පැවසිය.
"බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් මෙන්ම රජයේ අනු පිරිවෙනක ගුරුවරයෙක් ලෙසින් ඔබ වහන්සේ හොඳින්ම නීතිය දැනගෙන කර තිබෙන්නේ වරදක්. බලපත්‍ර නොමැතිව රිය පැදවිමේන් වටිනා තරුණ ජීවිතයක් ආකාලයේ මියැදී තිබෙනවා. මට දැනගැනීමට ලැබුණා ඔබ වහන්සේ රිය පැදවූ පළමු අවස්ථාව මෙය නොවන බව.

රියදුරකු යොදවාගෙන රිය පැදවිම සිදුකළ යුතුව තිබුණා. මම තරයේ අවවාද කරනවා ඔබ වහන්සේට මේ සිදුවීම සම්බන්ධව".
මිහිදුතලා වන සෙනසුනේ විහාරවාසි ඌරුමීවල කුසලඥාන හිමියෝ බලපත්‍ර රහිතව වාහනයක් පදවා අහිංසක තරුණ ජීවිතයක් බිල්ලට දීම බොහෝ අයට කම්පනයක් ඇති කළ සිදුවීමකි.
මෙම අනතුර නිසා කලවාන වැද්දාගල පදිංචි එච්.ආර්. ධනුෂ ලක්ෂාන් (17) තරුණයා රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 13 වනදා පස්වරුවේ මරණයට පත්විය. ඔහු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂිතව සිටි අයෙකි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ මියගිය ධනුෂ ලක්ෂාන් සමග සිටි මිතුරා වූයේ උතුරු වැද්දාගල පදිංචි වල්පොල ඊශ්වගේ ප්‍රසාද් ප්‍රියදර්ශන (19) තරුණයාය. ඔහු  සාක්කි දෙමින් මෙසේ පැවසිය.
'මියගිය ලක්ෂාන් මාගේ නිවස අසල පදිංචි මාගේ මිතුරෙක්. සිද්ධිය වූ දින 12.30ට පමණ මට ඔහුට කලවාන නගරයේදී හමුවුණා. අපි සංවිධානය කරන ක්‍රිකට් තරගයකට කුසලානයක් ලබාගන්න රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මෛත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හමුවීමට යමු කියලා ලක්ෂාන් මට කතා කළා. ඒ අනුව මම ඔහුගේ යතුරුපැදියෙන් මන්ත්‍රීතුමාගේ නිවස බලා නිවිතිගල යෑමට පිටත් වුණා. යතුරුපැදිය ලක්ෂාන් පදවාගෙන ආවා. ඔහුට දුරකතන ඇමැතුමක් ආව නිසා ඔහු යතුරුපැදිය මාර්ගය අයිනට වෙන්න නතර කළා. මමත් ඔහුත් යතුරුපැදිය නවතා පාරේ තවත් අයිනට ගියා. ඉන්පසු සිදුවූ දෙයක් මට මතක නැහැ. මට සිහිය එනවිට රත්නපුර රෝහලේ සිටියේ. එතැනදී මම දැනගත්තා හාමුදුරුනමක් රියදුරු ලෙස සිටි කැබ්රථයකට යට වී මාගේ මිතුරා මියගිය බව.'

 මරණය රිය අනතුරකින් සිදුවූ බවටට හදිසි මරණ පරික්ෂක නිගමනය කළේය. සැකකාර භික්‍ෂුන් වහන්සේ රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් විජය තෙන්නකෝන් මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු අද (13) තෙක් රක්ෂිත බද්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
මියගිය සිසුවාගේ අවසන් කටයුතු ඊයේ (16) සිදු විය.
-ලසන්ත නිරෝෂණ පෙරේරා

සිද්ධිය ගැන පෙර ලිපිය
හිමි නම පැදවූ රියේ හැපී සිතුවම් ඇන්ද ලක්ෂාන් මරුට