දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ලැබුණු ඉතා දුර්ලභ ගණයේ සුදු මොනර ජෝඩු දෙකක් හා අළු කැන්ගරුන් ජෝඩු දෙකක් මහජන ප්‍රදර්ශනය
සඳහා එක්කරනු ලැබ ඇතැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.

මම කැන්ගරු ජෝඩුව ඊශ්‍රාලයේ ජෙරුසලම් නගරයේ ටිෂ් ෆැමිලි (Tisch Family) සත්ත්වෝද්‍යානයට දුර්ලභ ඝනයේ සුදු මොනර ජෝඩු දෙක නෙදර්ලන්තයෙන් සත්ත්ව ආනයනකරුවෙකු හරහා මෙරටට ගෙනවිත් තිබේ.

දිවයිනට රැගෙන ආ මෙම සත්ත්වයන් මාසයක පමණ කාලයක් හම්බන්තොට සෆාරී උද්‍යානයේ රෝග නිරෝධනය සඳහා රඳවා තැබීමෙන් පසු මහජන ප්‍රදර්ශනයට එක් කරනු ලැබිණැයි සත්ත්වෝද්‍යාන අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා පැවසීය.

 දෙහිවල - එච්.එම්. ධර්මපාල