ගුවන් දුර වෙනස් කිරීම නිසා සිය දරුවන් මෙවර අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පළමු වසරට අසුනොවූ බව පවසමින් අම්බලන්ගොඩ ප්‍රදේශ කිහිපයකම දෙමාපියන් පිරිසක් ඊයේ (16දා) දහවල් අම්බලන්ගොඩ බස් නැවතුම්පළ ඉදිරිපිටදී උඝෝෂණයක නිරත වූහ.
මෙතෙක් කලක් ධර්මාශෝක විදුහලේ එක වසර දරුවන් ඇතුළත් කිරීමට ගුවන් දුර බැලුවේ එම විදුහල් ප්‍රාථමික අංශයේ සිටි බවත්, එහෙත් මෙවර එය වෙනස් කොට ද්ව්තීක අංශයේ සිට ගුවන් දුර බැලූ බවත් උඝෝෂකයෝ පෙන්වා දුන්හ.

මේ නිසා ධර්මාශෝක විදුහලේ එක වසර සිය දරුවන් මෙවර අසුනොවූ බව පැවසූ එම පිරිස වෙනත් වසරවලදී සිය ප්‍රදේශවලින් එක වසරට තම දරුවන් බඳවා ගත් බව සඳහන් කළහ.

මේ ගුවන් දුර වෙනස් කිරීම නිසා පාසල ආසන්නයේ ඇති හිරේනවත්ත, පින්නදූව ආදී ප්‍රදේශවල පදිංචි දරුවන්ට මෙවර ධර්මාශෝක විදුහල අහිමිවී ගොස් ඇති බවත්, ධර්මාශෝක විදුහල් බලධාරීන් හිතාමතාම මේ අවනඩුව සිදුකළ බව පැවසූ විරෝධතාකරුවෝ මේ සම්බන්ධයෙන් නීතිය හමුවට ඉදිරිප්පත් කරන බවද අවධාරණය කළහ.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල්පති හසිත කේෂර වෙත්තමුණි මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

"නගරයේ තවත් පාසල් තියෙද්දිත් ධර්මාශෝකයටම දෙමාපියන් තමන්ගේ දරුවන් දාගන්නට උත්සහා ගැනීම ගැන මට ඇත්තටම ඇත් ලොකු සතුටක්, ඒ අද ලංකාවේ අංක එකේම පාසල ලෙස බොහෝව්දෙනා සිතන්නේ ධර්මාශෝක විද්‍යාලය නිසයි. මම එන්න කලින් අවිධිමත්ව  තිබූ එක වසරට දරුවන් බඳවාගැනීම විධිමත් කළේ මමයි. ඒ අනුව මම ආපු දවසේ ඉඳලා නියමිත දිනයට එක වසරට දරුවන් බඳවා ගත්තා. මෙවරත් මම නීතියේ මට දී තිබූ අවසරය අනුව. එක වසරට ළමයි ඇතුළත් කිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්තුවේ. මෙහේ කවුරුත් මගේ ළමයි නැහැ.

මගේ නෑයොන්ගේ ළමයිත් තැහැ. මම නිවැරදි ආකාරයටයි මීට පෙර වසරදී වගේම මේ වසරේදීත් එක වසරට ළමයි ඇතුළත් කරගන්න වැඩ කළේ. යමෙකුට අසාධාරණයක් කරන්න මට කිසිම අවශ්‍යතාවක් නැහැ. මගේ පාලන කාලය තුළදී දම්සෝව අධ්‍යාපනයෙන්, ක්‍රීඩාවෙන් හා විෂය සමගාමී ක්‍රියාවන්ගෙන් ලංකාවේ අංක එකේ විදුහල බවට දමිසෝව පත්කරලා ඉවරයි."

කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත