මගින් ස්විට්සර්ලන්තය වෙත යාමට අවස්ථාව සලසා දෙන ලෙසත් අදාළ තානාපති කාර්යාලය විසින් ඉල්ලීමක් කර ඇති බවත් විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. හෙතෙම මේ බව පවසා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාශයේදී ඊයේ (04දා) සවස මාධ්‍ය හමුවක් කැඳවමිනි. අදාළ කාන්තාවගේ ප්‍රකාශයක්, ජාතික හැදුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, ශ්‍රී ලාංකික අනන්‍යතාව හෝ අනෙකුත් හඳුනා ගැනීම් කිසිදු සාක්ෂියක් හෝ මේ වනතෙක් ඉදිරිපත්ව නොමැති බවට එහිදී සඳහන් කළ අමාත්‍යවරයා, ඒ අනුව ශ්‍රී ලංකා නීතිය මෙන්ම
කෙසේවුවද අදාළ සේවිකාව පැහැරගත්තේ යැයි කියන සිද්ධීය සම්බධයෙන් තානාපති කාර්යාලය විසින් මේ වනවිට ඉදිරිපත් කර ඇති තොරතුරු හා පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය කර ගත් තොරතුරු අතර පරස්පරතාවක් ඇති බවට සඳහන් කළ අමත්‍යවරයා, මේ පිළිබඳ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අදාළ සේවිකාවගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කර සිටියෙ. ඒ අනුව සේවිකාවට හා ඇගේ පවුලේ උදවියට අවශ්‍ය ආරක්ෂව ලබාදෙන බවත්, කඩිනමින් මෙම පරීක්ෂණ අවසන් කිරීම සඳහා අදාළ ප්‍රකාශය වහා ලබා දෙන ලෙසත් තානාපති කාර්යාලයද දැනුවත් කළ බවත් පැවසූ අමාත්‍යවරයා, අදාළ සේවිකාව ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සිටින බවට තහවුරුව ඇති බවද පවසා සිටියේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අදාළ සේවිකාව විසින් කටඋත්තරයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවට තානාපතිවරයා විසින් කිසිදු විටක ප්‍රකාශ කර නොමැති බවයි. මේ අතර සේවිකාවගේ අසනීප තත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකු විසින් තහවුරු කර ඇත්තේද යන්න මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු ලබාදෙමින් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාත පී. ආරියසිංහ මහතා සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාවේ සිටින වෛද්‍යවරයෙකු විසින් එවැනි තත්ත්වයක් පිළිබඳ වාර්තාවක් ලබාදී නොමැති බවයි. එහෙත් ස්විට්සර්ලන්ත වෛද්‍යවරයෙකු විසින්
"මේ කියන සේවිකාව තානාපති කාර්යාලයේ ආගමන විගමන අංශයේ අධ්යක්ෂවරයාගේ සහායිකාවක් ලෙස කටයුතු කරන්නියක්, පරීක්ෂණ කරගෙන යන්න අවශ්‍ය ප්‍රකාශයක් අපි ඉල්ලුවත් මේ වනතෙක් එය ලබාදී නෑ. මේ තැනැත්තිය කවුරුන්ද කියලාවත් නොදැනයි පරික්ෂණ සිදුකරමින් පවතින්නේ, ඇයට රෝගී තත්ත්වයක් පවතින බවත්, ඒ සදහා රෝහල් පහසුකම් ඇති සුවිශේෂි අහස් යාත්‍රාවක් මගින් ස්විට්සර්ලන්තයට යෑමට අවස්ථාව සලසා දෙන ලෙසත් ඉල්ලා තිබෙනවා, මේ කාන්තාවගේ ශ්‍රී ලාංකික අනන්යතාවවත්
තහවුරු නොවී ඇති අවස්ථාවක, එවැනි පුද්ගලයෙකුට රටේ නීතිය, ආගමන විගමන නීතිය අනුව රටින් පිටව යන්න බැහැ. මේ පරීක්ෂණ කඩිනමින් අවසන් කරගන්න අපට අවශ්‍යයි. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳ ප්‍රකාශයක් ලබාදෙන ලෙස. තානාපතිතුමා කිසිම විටක කියලා නෑ කටඋත්තරයක් ලබාදීම ප්‍රතික්ෂේප කරනවා කියලා. ජනාධිපතිවරණ සමයේ මඩ චෝදනා සිදුකළ අය මෙයත් අස්යෙ ප්‍රවාර විදියට ජනමාධ්‍යයට ඉදිරිපත් කර සිටිනවා. පදනමක් නොමැතිව මෙවැනි ප්‍රකාශ කරනවිට රටවල් අතර දිගුකාලීන මිත්‍රත්වය පළුදු නොවී පවත්වා ගෙන යාම අපේ අපේක්ෂාවයි" යනුවෙන් පවසා සිටියේය.
-නිදර්ශි වික්‍රමසිංහ-