"අද වෙනකොට නාඩු සහල් සහ සම්බා සහල් හිඟයක්‌ පවතිනවා. මේ හිඟය පියවීම සඳහා සහල් යම් ප්‍රමාණයක්‌ පිටරටින් ගෙන්වනවා නම් මේකට විසඳුමක්‌ ලැබෙනවා" යයි අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.


 ඒ මහතා
එසේ පැවසුවේ කඩවත පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

 එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කීය,

 "නිෂ්පාදනය කරන්න අපිට නාඩු සහ සම්බා වී තොග වෙළෙඳපොළේ නැති එක ප්‍රශ්නයක්‌. සීමිත ප්‍රමාණයක්‌ තමයි තියෙන්නේ. ළඟ එන උත්සව සමයේ මේ හිඟය පියවීම සඳහා සහල් යම් ප්‍රමාණයක්‌ රටින් ගෙන්වනවා නම් හොඳයි. දැන් මේ රටේ වී වෙළෙඳපොළට එන්න තව මාස දෙකක්‌ යනවා. නැත්නම් මේ තත්ත්වය දවසින් දවස දරුණු තත්ත්වයට හැරේවි කියන එක තමයි මගේ විශ්වාසය. පිටරටින් හාල් ගෙන්වන එක හොඳයි කියලා මම කියන්නේ නැහැ. නමුත් මේ තිබෙන තත්ත්වයට විසඳුමක්‌ ලෙස යම් සහල් ප්‍රමාණයක්‌ රටින් ගෙනාවොත් හොඳයි.

 ඒ වගේම මේ හැමදේම සීමාසහිතව දේශීය සහල් ගොවියා රැකගෙන කරනවා නම් හොඳයි."