ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණයන් ජයග්‍රහණය කරන බවට රුපියල් ලක්ෂයක ඔට්ටු අල්ලා ලබාගත් මුදලින්  දිඹුලාගල අරලගංවිල  මල්දෙණිය ගම්මානයේ වකුගඩු රෝගයෙන් ස්වාමියා අහිමි දරු
පවුලක් සඳහා ජීවන වෘත්තියක් ලෙස  සිදු කරගෙන යාමට ධාන්‍ය ඇඹරුම් යන්ත්‍රයක් පරිත්‍යය කෙරූ ව්‍යාපාරිකයෙකු පිළිබඳ දුර්ලභ පුවතක් අසන්නට ලැබිණි.

වෙහෙරගල පදිංචි ව්‍යාපාරික දේශමාන්‍ය රොමේෂ් නලින්ද සල්පදෝරු මහතා ප්‍රංශයේ දේශපාලන ආධාරකරුවෙකු සමග රුපියල් ලක්ෂයක ඔට්ටුවක් අල්ලා පවසා ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන බවයි.

ඒ අනුව ලබාගත් මුදලින් මල්දෙනිය ගම්මානයේ 191 ලිපිනයේ පදිංචි වයි.බී. පත්මාවතී (අවු.34) නමැති
දෙදරු මවටත් ස්වයං රැකිවක් ලෙස කරගෙන යාමට අදාළ ධාන්‍ය ඇඹරුම් යන්ත්‍රය පරිත්‍යාග කිරීමට කටයුතු
කළේය.

ව්‍යාපාර ප්‍රජාවට පූර්වාදර්ශයක් ලබාදුන් රොමේෂ් නලින්ද මහතා මීට පෙර අවස්ථා කිහිපයකදී තම පෞද්ගලික ධනයෙන් අසරණතාවයට පත් වකුගඩු රෝගීන් වෙනුවෙන් සහ විවිධ ආබාධ පුද්ගලයින් සඳහා ආධාර උපකාර කෙරූ සුවිශේෂී පුද්ගලයෙකි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ව්‍යාපාරික දේශමාන්‍ය රොමේෂ් නලින්ද සල්පදෝරු මහතා,
"මම ප්‍රදේශයේ දේශපාලන ආධාරකරුවෙක් සමග රුපියල් ලක්ෂයක ඔපිටුවක් ඇල්ලුවේ ගෝඨාභය මහතා ජනපති වෙනවා කියන දැඩි විශ්වාසයකින්. ඉතින් ඔට්ටුව මට ලැබුණත් මට ඒකෙන් වැඩක් නැහැ, මම ඡන්දයට කලින්ම මගේ හිතවතුන්ට කියලා තිබුණා පාසල් යන දරුවෝ ඉන්නෙ, යමිකිසි රෝගී තත්වයකින් ගෘහ මූලිකයා පීඩා විඳින, පවුලේ ආර්ථිකය උපරිම පහළ මට්ටමක ඉන්න අය කිහිප දෙනෙක් හොයලා දෙන්න කියලා ඒ අයට යම් සත්කාරයක් කරන්න.


ජනපති සටන ඉවර වෙලා ටික දවසක් යනකල් ආධාර කළයුතු පවුලක් හම්බ වුණේ නැහැ. ඊට පස්සේ තමා යාළුවෙක් කිව්වෙ මේ දේ ගැන, මම ගිහින් බලලා ඒ අයගේ ඉල්ලීමට අනුව මම මේ දේ කළේ ගොඩක් සතුටින්, මොකද සමහර මිනිස්සු මාළුවෙක් ඉල්ලද්දි මේ අය ඉල්ලුවේ. බිලීපිත්තක්. ඇත්තටම මමත් ව්‍යාපාරිකයෙක් විදිහට ඉතාම කැමතියි ධනාත්මක සිතුවිලි තියන මිනිස්සුන්ට. මේ අය දියුණු වෙන මාර්ගයක් හොයන මිනිස්සු කියලා දැක්කා.

ගෝඨාභය මහත්තයාගේ ප්‍රධාන අරමුණක් තමයි ව්‍යවසායකයින් ඇති කිරීම, ො ඉතින් එතුමාගේ ගමනට මමත් අත්වැලක් වුණා කියලා මට ඇත්තටම මහත් සතුටක් යැයි පවසා සිටියා.


 මනම්පිටිය - නිමල් ජයරත්න