ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේය.


ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බැණ තර්ජනය කර පහරදීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ශ්‍රීයානන්ද තිස්ස ද අල්විස් නමැති මොහු 11/9 ශාන්ත සෙබෙස්තියන් මාවත, මොරටුව යන ලිපිනයෙහි පදිංචි අයෙකි.

හමුදා සේවයේ නිරතව විශ්‍රාමික මොහු මොරටුව උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 09 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කෙරෙන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා පවසයි.