ඇමරිකානු ඩොලර් මිලියනයක වටිනාකමින් යුතු ව්‍යාජ මුදල් නෝට්ටුවක් අළෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තබලගමුව

මොල්ලිපොතාන ප‍්‍රදේශයේදී. පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ. සැකකරු ළඟ තිබී පිත්තල තැටියක්, පිත්තල කාසියක් සහ ඊට අදාළ ලියකියවිලි ද සොයා ගත්තා. මෙවැනි ඩොලර් මිලියනයක වටිනාකමින් යුතු මුදල් නෝට්ටු ඇමරිකානු මධ්‍යම සංචිතය මගින් නිකුත් කරන්නේ නැහැ.

ඒ අනුව ඒවා නිත්‍යානුකූල මුදල් නෝට්ටු නොවන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.