නගර අලංකරණයට සහ ජනතාවට විවේකී සුවශයෙන් කාලය ගත කිරීමට නිර්මාණය කරන ලද ස්ථාන කඩිනමින් පිළිසකර
කර යථා තත්ත්වයට
පත්කරන ලෙස නාගරික සංවර්ධන,ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය පිළිසකර කිරීමේ කටයුතු නාගරීක සංවර්ධන අධිකාරියේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

මීට අමතරව පාවෙන වෙළෙද සැල් තිඛෙන ඇළෙහි ජලය අපිරිසුදු වීම නිසා පසුගිය කාලය තුළ පාරිසරික ගැටලු රැසක් මතුවී ඇති බවද එම අධිකාරිය හදුනාගෙන ඇත.

කොටුව පාවෙන වළඳ සංකීර්ණය 2014 වර්ෂයේ අගෝස්තු 25 වැනිදා වර්තමාන ජනාධිපති, එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව ඉදිකර විවෘත කෙරිණි.