ගොදුරු වෙලා කියලා එක්සත් ජාතික පක්ෂයට කියන්න අයිතියක් නැහැ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒ මහතා එසේ අදහස් ප්‍රකාශ කළේ හෝමාගමල හබරකඩ ප්‍රදේශයේ පැවැත්වුන පාසල් දරුවන්ට
නොමිලේ අභ්‍යාස පොත් බෙදා දීමේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදීය.
හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී මංජුලා කුමාරි ඊරියගොල්ල මහත්මිය විසින් එම උත්සවය සංවිධානය
කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේද පැවසීය.
පාඨලී චම්පික හිටපු ඇමතිතුමා බන්දනාගාරයෙන් නිදහස්වෙලා ආපු ගමන් කිව්වා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබද අපි සතුටු වෙනවා කියලා. එදා එයා ඇතුළට දාපු දවසේ කිව්වේ මේක බරපතල දේශපාලන පළිගැනීමක් එක්සත් ජාතික පක්ෂය මර්ධනය කරන්න හදනවා කියලා. බන්දනාගාර ගත කරද්දි අධිකරණය දේශපාලනීකරණය වෙලා ඇප දෙද්දි අධිකරණය ස්වාධීන වෙලා.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් මේ දිනවල අත්අඩංගුවට පත්වේයැයි බියෙන් රෝහල් ගතවීම සදහා පැරණි ලෙඩවලට බෙහෙත් ගත්ත පරන බෙහෙත් තුන්ඩු සොයමින් සිටිනවා.
අපෙන් සමහරු අහනවා අත්අඩංගුවට ගන්න ඕන අය මේ වෙන කල් අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි
කියලා. යහපාලන ආණ්ඩුව කළා වගේ අපි පළිගන්න යන්නෙ නැහැ. ඒ නිසා ඒවට අවශ්‍ය පරීක්ෂණ කරලා
අවශ්‍ය විදියට නීතිය ක්‍රියාත්මක වේ.
බැදුම්කර වංචාව ලේසි නැහැ. ඇයි බැදුම්කාර වංචාවේ දේශපාලකයෝ එක්ක ගණුදෙනු කළේ එකම එක
පුද්ගලයයි. ඇමතිවරුත් එක්ක ගණුදෙනු කළේ අර්ජුන් මහේන්ද්‍රන් විතරයි. ඒ නිසා අර්ජුන් මහේන්ද්‍රන්
අත්අඩංගුවට ගන්න කලින් හෙමීට පැන්නුවා. අද අපි එයා සිංගප්පූරුවේ ඉන්නවා කියන විශ්වාසයට
සිංගප්පූරු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට දෙන්න කියලා. අර්ජුන්
මහේන්ද්‍රන්ව ගෙනල්ලා ප්‍රශ්න කරන තුරු බැදුම්කර වංචාවේ පිටිපස්සේ සිටි දේශපාලකයෝ කවුද කියලා
අපි දැනන් හිටියට නීතිය ඉදිරියේ ඔප්පුකරගන්න බෑ. නීතිය ඉදිරියේ ඔප්පු කරන්න නම් අර්ජුන් මහේන්ද්‍රන් කියන්න ඕනේ මේ මේ අය මට මේවා කරන්න කිව්වා ඒ නිසයි මම එහෙම කරේ කියලා. එහෙම නැතුව උසාවිය සාක්ෂි නැතුව කිසි දෙයක් පිළිගන්නේ නැහැ. ඒ නිසයි බැදුම්කර වංචාව පිළිබද තාමත් අපට කටයුතු කරන්න බැරිවෙලා තියෙන්නේ. නමුත් සිංගප්පූරැ ආණ්ඩුවට අපි කියලා මේ පුද්ගලයව අපිට එවන්න කියලා සිංගප්පූරු රජයෙන් යහපත් ප්රතිචාරයක්ලැබෙයි කියලා අපි බලාපොරාත්තුවෙන් ඉන්නවා.
හබරකඩ එස්. ප්‍රියලාල්