ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සහ දුම්රිය ස්ථානයෙහි පවතින තත්වය නිරීක්ෂණය කිරීම පිණිස පසුගියදා බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පූර්ව දැනුම් දීමකින් තොරව පැමිණියාය.

ආණ්ඩුකාරවරිය මෙහිදී රෝහලෙහි ආපන ශාලාව,
මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගිය අතර, මෙහිදී රෝහල් අධ්‍යක්ෂ වීශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා හට ඇය දන්වා සිටියේ පවතින අවශ්‍යතා දැනුම් දෙන ලෙසයි.

දුම්රිය ස්ථානයේ කාන්තා සහ පිරිමි විවේකාගාරයන්හි පවතින තත්ත්වයද එහිදී ආණ්ඩුකාරව නිරීක්ෂණය කළ අතර, ඒවායෙහි පහසුකම් වැඩි දියුණු කළ යුතුව ඇති බව ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තිස්ස ගමගේ මහතා හට ඇය පැවසීය.

මෙම අවස්ථාවට ගම්පහ පුරපති එරංග සේනානායක, නාගරික කොමසාරිස් රණසිංහ යන මහත්ම මහත්මීන් සහ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

ගම්පහ - තිලකරත්න දිසානායක