https://www.gossiplankanews.com/2019/12/ganiya-on-doctor-psycho.html
 පැහැරගෙන ගොස් ලිංගික අතවර සිදුකරමින්, නිශාන්ත සිල්වා නමැති අයකුට වීසා ලබාදීම පිළිබඳව
ප්‍රශ්න කර සිටියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් ස්විට්සර්ලන්ත
තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනියගේ මානසික තත්ත්වය පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් පත්කර
වාර්තාවක් අධිකරණයට ලබාදෙන මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (12දා) අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළාය.
දී තිබූ අධිකරණ නියෝග පරිදි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිර්දේශයකට අනුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝග නිකුත් කළාය.

එමෙන්ම ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් කාන්තාවගේ ප්‍රකාශ ලබාගෙන අවසන් වන තෙක් ලබන 17 වැනි දින දක්වා ඇයගේ විදේශ ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමටද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඊයේ දින අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම කාන්තාවගේ මානසික තත්ත්වය පිළිබඳව පරික්‍ෂා කිරීම සඳහා විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් සුදුසු වන බවට අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කර තිබූ බවත් එම කාන්තාවගේ ශාරීරික තත්ත්වය පිළිබඳව වාර්තාවද එම මානසික වෛද්‍ය වාර්තා සමඟ ලබාදීමට කටයුතු කරන බවටද දන්වා ඇති බැව් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දන්වා සිටියේය.

ඒ අනුව එම කාන්තාවගේ මානසික තත්ත්වය පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් පත්කර වාර්තා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
අගතියට පත් විණැයි කියන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති කාන්තාව වෙනුවෙන් නීතිඥ දර්ශිකා
උඩුගමගේ මෙනෙවිය, අමිල එගොඩවත්ත, සුදර්ශන ගුණවර්ධන හා උපුල් කුමාරප්පෙරුම යන මහත්වරු
අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙම කාන්තාව මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන බවත්, ඒ අනුව ස්විට්සර්ලන්ත තානාපති නිල නිවාසයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම කාන්තාවගේ ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු සලසා දෙන මෙන් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නීතිඥවරයා විසින් ඊට සමගාමීව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් හා නීතිපති දෙපාර්තමේන්තුවෙන්ද එම ඉල්ලීම කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එම අවස්ථාවේදී එකී ඉල්ලීමට විරුද්ධ වන බව ප්‍රකාශ කළේය.


ඒ අනුව යම් රටක තානාපති කාර්යාලයක හෝ තානාපති නිල නිවෙසක බලපැවැත්වෙන නීති පද්ධතිය වෙනස්වන බැව් සඳහන් කළ මහෙස්ත්‍රාත්වරිය එම ඉල්ලීම පිළිගත නොහැකි බව ප්‍රකාශ කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය. එමෙන්ම විවිධ මාධ්‍ය මඟින් මෙම නඩුවට හානිදායක වන ආකාරයේ පුවත්, මාධ්‍ය සාකච්ඡා, මාධ්‍ය නිවේදන නිකුත් කරන බවද ඒ හේතුවෙන් වින්දිතයාට මෙන්ම ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට පවා ප්‍රහාර එල්ල වන බවටද නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය. මේ අනුව වින්දිතයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට තර්ජන කිරීම හේතුවෙන් නීතිඥවරුන්ටද මෙම නඩුවෙන් ඉවත් වීමට සිදුවුවහොත් එය රජයටද හානිදායක ලෙස බලපාන බවට නීතිඥවරයා ප්‍රකාශ කර සිටියේය.
ඕනෑම නීතිඥවරයකුට යම්කිසි සේවාදායකයකු වෙනුවෙන් පෙනී සිටීමට අයිතිවාසිකමක් පවතින බවත්,
සේවාදායකයකුටද නීතිඥවරයකුගේ සේවය ලබා ගැනීමටද හැකියාවක් පවතින බවත් ප්‍රකාශ කළ
නීතිඥවරයා සමහර මාධ්‍ය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු මත පිහිටා සිය මත පළ කළැයි කියමින් තමාගේ සේවාදායකයාට මෙන්ම සේවා ස්ථානයටද හානිදායක වන ලෙස පුවත් පළකරන බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ඒ අනුව ඒ පිළිබද වෙනමම විමර්ශනයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කළ යුතු බවට ප්‍රකාශ කළ නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් යම්කිසි නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම කාන්තාව පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්‍ෂණ
දෙපාර්තමේන්තුවේ විමර්ශන සිදුකරන බවත් නීතිපති දෙපාර්තමේන්තුව මඟින්ද එම විමර්ශන සඳහා සහයෝගය දක්වන බවත් මෙලෙස විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අවස්ථාවක යුක්තිය පසිඳලීමට යම්කිසි පුද්ගලයකු බාධා කරනවා නම් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බවද අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
මේ පිළිබඳව මේ අවස්ථාවේදී නියෝගයක් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවත් ප්‍රථමයෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාදී මූලික පියවර ගැනීමට කටයුතු කළ යුතු බවත් අගතියට පත් පාර්ශ්වය වෙත
මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
යුක්තිය පසිඳලීම පිළිබඳව යම්කිසි අයකු බාධා කරනවා නම් ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට
ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරිය මේ නඩුව පිළිබඳව තවදුරටත් විමර්ශන පවත්වා ප්‍රගතිය වාර්තා කරන
ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ, සහකාර
පොලිස් අධිකාරි ඉන්දික ලොකුගේ හා පොලිස් පරීක්‍ෂක කැලුම් කරුණාරත්න යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

හංසි නානායක්කාර