රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අලුතින් පත්කර සිටින ප්‍රධානීන් වසරක කාලසීමාවක් ඇතුළත දී අදාළ ආයතනයේ  ප්‍රගතීය පෙන්වීමට අපොහොසත් වුවහොත් එහි වගකීම බාරගනීමින් ඔවුන් තනතුරෙන්
ඉවත්විය යුතු බවට
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොන්දෙසියක් පනවා ඇතැයි වාර්තා වේ. විද්වත් කමිටුවක් මගින් තෝරා ගනු ලැබූ සුදුසුම පුද්ගලයන් පමණක් මෙම තනතුරුවලට පත්කරන බැවින් ආයතනවල ප්‍රගතිය පෙන්වීමට ඔවුන්ට වසරක කාලයක් ප්‍රමාණවත් බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇතැයි ද පැවැසේ.

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට ප්‍රධානීන් බඳවා ගැනීම මෙතෙක් කල් විෂයභාර ඇමැතිවරුන්ගේ නිර්දේශය මත සිදුවූ නමුත් නව රජය එම ක්‍රමවේදය වෙනස්කරමින් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා ප්‍රධානීන් තෝරාගැනීමට විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත්කළේය. රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩල රැසක් සඳහා දැනටමත් ප්‍රධානීන් පත්කර සිටින අතර ඉතිරි ආයතන සඳහා පත්කිරීම් ලබන මස අවසන විට පෙර සිදුකිරීමට නියමිතය.

-නාලක සංජීව දහනායක-