ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක
වන පී. එස්.එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස ඊයේ (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ
ලේකම්වරිය ලෙස මීට ටික දිනකට පෙර පත්වීම් ලද ඇය ඉන් ඉවත් කර මෙම තනතුර පිරිනමා ඇත.  ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ද ඇය කටයුතු කර ඇත.පී.එස්.එම්. චාල්ස් මහත්මිය  ඊට පෙර මඩකලපුව හා වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද දීර්ඝ කාලයක් සේවය කළාය.