https://www.gossiplankanews.com/2019/12/gotabaya-rmv.html
සැහැල්ලු වාහන රියදුරු පත් ලබාගැනීම සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බවත් පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා තිබේ.
මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (31දා) පෙරවරුවේ
ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව රෝහල් මට්ටමින් ලබාදීම පිළිබඳව සොයා බැලිමටද මෙහිදී තීරණය කෙරිණි.
රියදුරු බලපත් ලබාදීමට මීට පෙර පැවති ක්‍රමයේදීද බරවාහන සදහා පමණක් පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් අවශ්‍ය වූ අතර සැහැල්ලු වාහන සදහා එවැන්නක් හදුන්වාදී තිබුනේ මෑතකදීය. එම කටයුත්ත සංවිධානාත්මකව සිදු නොවීම නිසා විශාල පිරිසක් දිනපතා රස්තියාදු වූ බවට පැමිණිලි තැබී තිබුණි.