2020 වසරේ සිට සිදුකිරීමට තීරණය කළ රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදුවන අතර 2016 චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප හෙට(01) දිනයේ සිට වැඩි වන බව මුදල්
අමාත්‍යාංශය පවසනවා.

එම චක්‍රලේඛයට අනුව අවස්ථා පහක් යටතේ රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000න් වැඩි කිරීමට නියමිතව ඇති බව සඳහන්.

2016 ජනවාරි මාසයේ පළමු වැනි දින සිට අවස්ථා හතරකදී මේ වන විට රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප ඉහළ දමා ඇති අතර අදාළ චක්‍රලේඛයට අනුව ඉතිරි වැටුප් වර්ධනය හෙට දිනයේ සිට සිදුවන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.