අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ඇතුලූ නිලධාරී මන්ඩලයක් විසින් ඔවුන්ට රිසිසේ මෙම ලකුණු තීරණය කරන බවත් මේ හේතුවෙන් පාසල් වලට, පාසල් සිසුන්ට මෙන්ම අධ්‍යාපන පද්ධතියටම හානියක් සිදුවන බවත් අමාත්‍යවරයා සිය පැමිනිල්ල මගින් කරුණු දක්වා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.
‘‘පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප‍්‍රිය පාසැල් වලට ළමුන් ඇතුලත් කිරීමේදී ඒ ඒ පාසලට අගයන් ලබාදීම තීරණය කර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප‍්‍රසිද්ධ කරනු ලබනවා. මේ ලකුණ තීරණය කිරීමේ කිසිම සම්මත ක‍්‍රමවේදයක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ දීර්ඝ කාලයක් තිස්සේ රැඳි සිටින අතිරේක ලේකම්වරයෙකු සහ නිලධාරී මණ්ඩලයක් විසින් ඔවුන්ට රිසි සේ මෙම ලකුණු ප‍්‍රමාණයන් තීරණය කරනු ලබනවා.
උදාහරණයක් විදියට ගත්තොත් දකුණු ආසියාවේ විහාලතම ජාතික පාසල වන හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු 175 සිට 168 දක්වා වෙනස් කර තිබෙනවා. එම ලකුණ තීරණය කිරීමේ කිසිම සූත‍්‍රයක් හෝ ක‍්‍රමවේදයක් නැහැ.
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විදියටත් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා විදියටත් මම මේ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පැමිණිල්ලක් සිදුකළා.
ඒ වගේම හෙට(23) දිනයෙය්දී අපි මේ පිළිබද කරුණු සහිතව ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිලිබද පුලූල් විමර්ශණයක් සිදුකර දරුවන්ට සාධාරණයක් ඉෂ්ඨ කරයි කියලා අපි විශ්වාස කරනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
(නිමල කොඩිතුවක්කු)