හිටපු ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානි I.K. මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති P. දිසානායක අල්ලස් නඩුවෙන් වැරදිකරුවන් වී තිබෙනවා.
රුපියල් කෝටි 2ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධව පැවති නඩුවේ තීන්දුව ලබා දෙමින් අද (19) ඔවුන් බවට පත් කර ඇත.

පළමු ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ
විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා
ජානකී රාජරත්න හමුවේ අද කැදවූ අවස්ථාවේදී මෙම තීරණය ලැබුණි.

අල්ලස් කොමිසම ගොනු කර තිබූ මෙම නඩුවේ තීන්දුව අද ලබාදෙන බව පළමු ත්‍රිපුද්ගල විශේෂ
මහාධිකරණය දැනුම් දෙනු ලැබුවේ පසුගිය 04 වනදායි.

2018 වසරේ මැයි මස 09 වනදා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය
විකිණීමට අදාල කටයුතු ඉටු කර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54ක මුදලක්
අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන විස්සක මුදලක් අල්ලස් ලෙස ලබා ගනිද්දී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ තනතුරු ධූරවලියේ ඉහළම පුටුවේ සිටි කෙනෙකු මේ ආකාරයේ අල්ලස් නඩවකින් වරදකරුවීම මගින් හිටපු ජනපතිවරයාටද ඇති කරන ලද්දේ කැලලකි.