ඉන්දියාවේ, නවදිල්ලි අගනුවර ජනතාව වසර 119 කට පසු අත්දුටු ශීතලම දෙසැම්බර් දිනය ලෙස ඊයේ වාර්තා අතරට එක්වුණා.
ඊයේ නවදිල්ලියෙන් වාර්තාවූ උපරිම උෂ්ණත්වය සටහන් වන්නේ සෙලිසියස් අංශක 9.4 ක් ලෙසයි.
1901 වසරේ දෙසැම්බර් මාසයේදී නවදිල්ලියේ උපරිම උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සටහන් වන්නේ සෙලිසියස් අංශක 17.3 ක්.
සෑම වසරකම දෙසැම්බර් මාසයේ නවදිල්ලි අගනුවර සහ රාජස්ථානයේ උපරිම උෂ්ණත්වය සෙලිසියස් අංශක 20 ත් 22 ත් අතර අගයක් ගනු ලබනවා.
කෙසේ වෙතත් මේ වසරේ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ඉහළම උෂ්ණත්වය සෙලිසියස් අංශක 10 ක් පමණ දක්වා පහත වැටුණා.
අධික ශීතල කාලගුණය හේතුවෙන් හටගත් මීදුම් තත්ත්වය හමුවේ නවදිල්ලි අගනුවර දෛනික කටයුතු අඩාල වී තිබෙනවා.
මේ හේතුවෙන් ඊයේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් වාර 650 ක් පමණ ප්‍රමාද වූ අතර ගුවන් ගමන් වාර 40 ක් අවලංගු කෙරුණා.
කෙසේවෙතත් ඉන්දියාවෙන් මෙම කාලසීමාව තුළ වාර්තා වන අධික ශීතල කාලගුණය අසාමාන්‍ය තත්ත්වයක් නොවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.
ඔවුන් පෙන්වාදෙන්නේ ජම්මු කාශ්මීරය , ලඩක් , හිමාචල් ප්‍රදේශ් ඇතුළු ආසන්න ප්‍රදේශවලින් වාර්තාවන අධික ශීතල කාලගුණය මෙයට හේතුවිය හැකි බවයි .
ඇෆ්ඝනිස්ථානය , තජිකිස්ථානය , උස්බෙකිස්ථානය , ටර්ක්මෙනිස්ථානය මෙන්ම ඉරානයේ ඇතැම් ප්‍රදේශවලට ද මේ වනවිට අධික ශීතල කාලගුණයක් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.
චීනයෙන් සහ මොන්ගෝලියාවෙන් ද මේ වනවිට මෙවැනිම අධික ශීතල කාලගුණයක් වාර්තා වනවා.