https://www.gossiplankanews.com/2019/12/jaffna-prison-issue.html
යාපනයේ දෙමළ දේශපාලනඥයින්ගේ දැඩි විරෝධය නිසා බන්ධනාගාරය ඉදිරිපිට නිරාවරණය කිරීමට
සූදානම් කොට තිබූ ප්‍රතිමා තුනක් ඊයේ සවස බන්ධනාගාර නිලධාරීන් විසින් ඉවත් කොට තිබේ.
බන්ධනාගාර නිලධාරීන් හා රැඳවියන් යාපනය බන්ධනාගාරය ඉදිරිපස තාප්පයේ විජය කුවේණී පැමිණීම
හා සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහ බෝධිය රැගෙන එන ලද අවස්ථාවන් නිරූපණය කරනින් චිත්‍ර ඇද තිබූ අතර එම චිත්‍ර වල අදහස තවත් තීව්‍ර කිරීම සදහා  චිත්‍ර අසල තැබීමට
ප්‍රතිමා තුනක් නිර්මාණය කොට තිබුණි. මෙම ප්‍රතිමා තුන මිහිදු හිමිගේ,කාවන්තිස්ස රජුගේ හා සංඝමිත්තා තෙරණියගේ

අනුරූ විය.
පෙර කී චිත්‍ර මීට වසර කිහිපයකට පෙර ඇඳ තිබූ බවත් ඒවා ඇන්දේ බෞද්ධ නොව හින්දු සිරකරුවන් බවත් වාර්තා විය. මේ දිනවල සිතුවම් ඇදීමේ රැල්ල අනුව යමින් යාපනය බන්ධනාගාරයේ සිටි රැදවියන් පිරිසක් විසින් මේ කියන මූර්ති නිර්මාණය කර තිබූ අතර එම ප්‍රතිමා නිරාවරණය කිරීමටඋත්සහ කළ අවස්ථාවේදී ඊට එරෙහිව යාපනයේ
දෙමළ දේශපාලනඥයින්ගෙන් විශාල විරෝධයක් එල්ල වුණි.
දෙමළ දේශපාලනඥයින් තරයේම කියා සිටියේ එම ප්‍රතිමා සිංහල බෞද්ධ ඉතිහාසය පිළිබිඹු කෙරන
ප්‍රතිමා නිසා යාපනයේ යළිත් ජාතිවාදය ඇවිස්සීමට ඒවා හේතුවිය හැකි බවයි. ඊට පෙර ඒවා ඉවත් කරන ලෙසයි.
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මේ
අන්දමේ චිත්‍ර හා ප්‍රතිමා උතුරු පළාතෙන් ඉවත් කරණ ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාටද ලිපියක් යවා තිබුන අතර ඊයේ විරෝධතාවට මූලික වූයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම්ය.
දෙමළ ජාතික සන්ධානයේ හා සෙසු දෙමළ දේශපාලන පක්ෂ වල පිරිස් යාපනයේ බන්ධනාගාර නිලධාරීන් සමග බහින් බස් වෙමින් කියා සිටියේ එම ප්‍රතිමා තුනම ඉවත් කළ යුතු බවයි.

එල්ල වූ දැඩි විරෝධය මත එම ප්‍රතිමා තුන ඉවත් කෙරුණු නමුත් තාප්පයේ ඇද ඇති චිත්‍රද සංහල
බෞද්ධ ඉතිහාසය ගැන කියවෙන චිත්‍ර නිසා ඒවා ඉවත් කරණ ලෙසද යාපනයේ දෙමළ දේශපාලනඥයින්ගෙන් බලපෑම් එල්ල වී තිබේ.