2019 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනූ කැරොලයින් ජූරි, සිය ප්‍රථම සමාජක සත්කාරක වැඩසටහන ආරම්භ කරමින් කුඩා දරුවන් වෙනුවෙන් නත්තල් උත්සවයක් සංවිධාන කර තිබෙනවා.


පසුගිය 23 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති එම උත්සවයට පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් පවුල්වල දරුවන් විශාල පිරිසක් සහභාගි කරගැනීමටයි කැරොලයින් ජූරි කටයුතු කර තිබුණේ.

කටුවපිටිය දේවස්ථානය ඇතුළු දේවස්ථාන කිහිපයක පියතුමන්ලාද එම අවස්ථාවට සහභාගි වී සිටියා.

කුඩා දරුවන් වෙනුවෙන්ම සංවිධාන කළ තරග, ගී ගායනා, මැජික් සන්දර්ශන ඇතුළු විවිධ ඉසව් කිහිපයක්ම ක්‍රියාත්මක වුණු එම
උත්සවය, දරුවන්ට අමතක නොවන අත්දැකීමක් එක්කර තිබුණා.