ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට කොළඹ බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා විශේෂ කවුලුවක් ස්ථාපිත කිරීමට මගී ප්‍රවාහන
අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ලබන මාසයේදී මෙම විශේෂ කවුළුව විවෘත කිරීමට නියමිත අතර විදේශික සංචාරක නියෝජිතයන් නියමිත මිලට
දුම්රිය ප්‍රවේශපත්‍ර ලබා ගෙන විදේශිකයන්ට ඉතා අධික මුදලකට අලෙවි කරන බවට ලැබුණු පැමිණිලි මත මෙම පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක පැවසුවා.

ගුවන් ගමන් බලපත්‍රය විශේෂ කවුලුවට ඉදිරිපත් කරමින් මෙම දුම්රිය ප්‍රවේශපත්‍ර මිලට ගැනීමේ හැකියාව විදේශිකයන්ට හිමි වනවා. ලංකාවේ දුම්රිය ධාවනය වන ඕනෑම ප්‍රදේශයකට ප්‍රවේශපත්‍ර මෙහිදී මිලදී ගත හැකි අතර කටුනායක ගුවන්තොටුපොළ දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වැඩි කිරීමටද මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.