https://www.gossiplankanews.com/2019/12/kegalle-murder-husband-wife.html
ඩත්තු නඩු කටයුත්තකට පෙනී සිටීම සඳහා ඊයේ (17 ) කෑගල්ලේ අධිකරණය වෙත ගිය කාන්තාවකට ඇගේ සැමියා බව කියන පුද්ගලයා පිහියකින් ඇන මරාදැමීමේ සිද්ධියක් වාර්තා විය.මියගිය කාන්තාව රඹුක්කන පදිංචි දෙදරු මවකි. සැකකාර සැමියා එදිනම අත්අඩංගුවට පත්විය. සිද්ධියට අදාළව මෙම අවස්ථාවේ අධිකරණ භූමියේ පරීක්ෂාවට රාජකාරියේ යෙදුණ පොලිස් සැරයන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමද අද උදෑසන සිදු විය.සිද්ධියට පසුබිම් වූ කතාව පහත පරිදිය.
මෙම කාන්තාව විදේශගත සේවයේ යෙදි
සිටි තැනැත්තියකි.
මෙරටට පැමිණි පසු ඇයට හමුදාවේ සේවය කරන ප්‍රදීප් නම් තරුණයකු හඳුනා ගැනීමට ලැබී ඇත්තේ
මිතුරකුගේ මාර්ගයෙනි. ඒ දැන හඳුනා ගැනීම කෙළවර වූයේ දෙදෙනා පෙම්වතුන් වී ටික කලකට පසු
විවාහයෙනි.
තරුණයෙක් තරුණියකගේ අත ගෙන අලුත් කැදැල්ලක් තනන්නේ දහසකුත් එකක් ප්‍රාර්ථනා සමඟිනි.
 මේ දෙදෙනාටම කොයි කාටත් තිබෙන ඒ බලාපොරොත්තු තිබිණි. විවාහයෙන් පසු කෑගල්ල, දීවෙල
ප්‍රදේශයේ තරුණයාගේ නිවෙසට පැමිණ දෙදෙනා අලුත් ජීවිතය පටන් ගත්තේ දරු පැටියකුගේ සුරතල් ගැන මෙනෙහි කරමිනි.
 දින සති බවට පෙරළිණි.

ශ්‍යාමලී ප්‍රියංගිකා මවක වන ලකුණු මතු විය. ප්‍රියංගිකාගේ සැමියා වූ
ආර්.පී. ජගත් ප්‍රදීප් ගුණසේකර තරුණයාගේ හිසේ මල් පිපිණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හය වැනි
ඉන්ජිනේරු බළකායට අනුයුක්තව සේවය කළ ඔහු රාජකාරි සඳහා පිටත්ව යන හැම විටම ප්‍රදීප් නිවෙසින් ගියේ මහා දුකක් සිත පතුලේ සඟවාගෙනය. ශ්‍යාමලීට ද එසේමය. දරු පැටියකු කුසට ආ බවට ලද සුන්දර ආරංචිය කන වැකුණු පසු වෙන්වී සිටීමේ දුක තව තවත් වැඩි වන බවට ඔහුට දැනිණි. දෛවය යනු මොනතරම් සරදම් සහගත දැයි දෙදෙනාට තේරුම් ගියේ කුසට ආ දරු ගැබ සති කිහිපයකින් ගබ්සා වී ගිය පසුවය. සියල්ල වන්නේ මිනිසුන්ටය. ඒ අමිහිරි මතකය කාලයේ වැලි තලාවට යට වී දෙවැනි වරටද ඇය ගැබ් ගන්නේ ඔය අතරය. දෙවැනි දරු ගැබ ද ගබ්සා වී යද්දී නම් දෙදෙනාටම කෑ ගසා හඬන්නට තරම් එම සිද්ධිය කළ බලපෑම අති මහත්ය.

කාලය ගෙවී ගියේ ජීවිතයේ අඳුරු පැති මේ යැයි මේ තරුණ අඹු සැමි යුවළට ඒත්තු ගන්වමිනි.
 නමුත් හැමදාම දෛවය කුරිරු නොවන බව පසක් කරමින් තුන්වැනිවර ශ්‍යාමලී ගැබ් ගත්තේ නිරෝගී මවක ලෙසිනි. ඇයට නිම්හිම් නැතුව ගියේ ඒ දරු පැටියා මෙලොව එළිය දුටුදාය. තරුණ ප්‍රදීප් පියකු වූ දවස
තරම් සතුටු වූ දවසක් ඔහුට තව නොමැති තරම්ය.

 පළමු දරුවා පිරිමි දරුවෙකි. පුංචි පුතුට චලිදු ඕෂිත ලෙස නම් තැබුවේ නම් ගණනාවක් තේරීමෙන් පසු
දෙදෙනාම ඒ නම හොඳ බව කතිකා කරගනිමිනි. තවත් දරුවෙක් ඔහුට ලැබුණේ වසර හයකට පසුවය. දරු දෙදෙනා නිසා නිවෙසේ අසිරිය දෙගුණ තෙගුණ වී ගියේ දරු සුරතල් නිසාය.

 මේ අතර වාරයේ අඹු සැමි ආරවුල්ද වටින් ගොඩින් මේ නිවෙසටත් එබිකම් කරන්නට ගත්තේ ඔය අල්ල
පනල්ලේය. හරියටම දෙදෙනා මුණගැසී විවාහ වී වසර හතකට

පමණ පසු ඒ අඹු සැමි ආරවුල උච්ච
තැනකට ගියේ දෙදෙනාටම නොදැනීය.

 ඊට හේතු වූයේ ශ්‍යාමලී ප්‍රියංගිකා සිය හැඳුනුම්පතේ නම වෙනස් කිරීමේ සිද්ධියකි.
අවසානයේදී එය මුල් කරගෙන දෙදෙනා වෙන්ව ගියේ ආදර දරු දෙදෙනා පිළිබඳවත් නොසිතමිනි.
මීට වසර තුනක සිට දරු දෙදෙනා සමඟ ශ්‍යාමලී ප්‍රියංගිකා වෙනම ජීවත් වන්නට පටන් ගත්තේ
දික්කසාද නඩු තීන්දුවක් මතය. හමුදාවේ සේවය කළ ප්‍රදීප් ඉන් ලද පීඩනය වචනවලින් කිවනොහැකි තරම් ප්‍රබලය.

ඔවුන්පගේ පුතු පසුගියදා නිම වූ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 144ක් ලබා ගත්තේ පවුලේ මවත්, පියාත් දෙතැනක සිටියදීය. පුංචි පුතු තාම පෙර පාසල් අධ්‍යාපනය ලබන්නෙකි.

දරු දෙදෙනාටත් බිරියටත් නඩත්තු ගෙවීමට අධිකරණය නියෝග කර තිබිණි. දරුවන්ගේ පියා වන ප්‍රදීප්
මසකට වරක් රඹුක්කන බෝධිය අසලට පැමිණ දරු සුරතල් බලයි. දරුවන්ට තෑගි බෝග අරන් දෙන්නේද ඒ හමුවේදීය.

මේ ප්‍රශ්න නිසාම හමුදා සෙබළ ප්‍රදීප්ගේ මනස අවුල් වී ගියේ පවුල් ආරවුල් නිසා ඇතිවූ කම්පනය
නිසාය. ඉකුත් දින විස්සක පමණ කාලයක් ඔහු නාරාහේන්පිට යුද හමුදා රෝහලේ මානසික රෝගී වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත්තේද ඒ පීඩනය ඒ තරමටම උත්සන්න වූ නිසාය. නිසි පරිදි නඩත්තු මුදල් නොගෙවීම නිසා අධිකරණයෙන් වරෙන්තුවක්ද නිකුත් කළේ මේ අතරය.

හමුදා සෙබළ ප්‍රදීප් රඹුක්කන පොලිසියට ගොස් අසනීප වී මානසික ප්‍රතිකාර ගත් කාරණයද පොලිසියට
දැනුම් දී තිබිණි.
නඩුව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමට නියමිතව තිබුණේ ඊයේ (17) දිනයේදීය.
සියල්ල කණපිට පෙරළිණි. බරපතළ සිත්තැවුලෙන් සිටි ප්‍රදීප් නමැති මේ සැකකරු සඟවාගෙන තිබූ බව කියන පිහියක් ඇද දික්කසාද වී සිටි පැමිණිලිකාරියට පහරදී ඇතැයි කියැවේ.

සිද්ධියෙන් ශ්‍යාමලී එතැනම අවසන් හුස්ම හෙළුවාය. සුරතල් දරු දෙදෙනකුට මව අහිමිව ගියේ එලෙසිනි.
ඝාතනයට සම්බන්ධ බව කියන සැකකාර පියා පොලිස් අත්අඩංගුවට පත්විය.

පවුල් ආරවුලක් නිසා සිදුවූ නස්පැත්තිය එයාකාරය.
'අනේ මේ දරු දෙදෙනාට කාගේ සරණද?' කොයි කවුරුත් 'අනේ අපොයි' කියමින් දුක්වෙන්නේ ඒ නිසාය.

-ශිරාන් රණසිංහ